දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන උල්කාපාත කැබැලි පොළොවට කඩා වැටීම් දුටු
පුද්ගලයින්ට එම තොරතුරු, ස්ථාන පිළිබඳ මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට
දැනුම් දිය හැකි බව එම ආයතනය පවසයි.
සෑහීමකට පත්විය හැකි තොරතුරු පිළිබඳ අදාළ ප්‍රදේශයන්ට ගොස් පර්යේෂණ
පැවැත්විය හැකි යයි ද ආතර් සි. ක්ලාක් ආයතනයේ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.
උල්කාපාත වැටුණා යයි සැලකෙන ප්‍රදේශයන් පිළිබඳ තොරතුරු අදාළ පුද්ගලයින්ට
ග්‍රාමනිලධාරී මහත්වරුන්, ප්‍රදේශයේ පොලිස් ස්ථානය මාර්ගයෙන් ආතර් සී.
ක්ලාක් ආයතනයට දැනුම් දිය හැකියැයි කියයි.
0 comments:
Post a Comment