සුනිල් ගවස්කාර්-ඉම්රාන් ඛාන් පවසති
ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලීන පසුබෑමට හේතුව අයි.පී.එල්.තරග බව
අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ හිටපු ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනකු වන සුනිල්
ගවස්කාර් සහ ඉම්රාන් ඛාන් පවසති.
වත්මන් ඉන්දියා පිලේ ඇතැම් ක්‍රීඩකයන් ජාතික ක්‍රිකට් පිලේ වගකීම පැහැර හරිමින්
මුදල් ආකරයක් වන අයි.පී.එල්. තරගාවලියට මුල්තැන දී ඇතැයි ඔවූහූ චෝදනා කරති.
2011 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පැවැති ඇතැම් තරගාවලි සඳහා සහභාගි නොවී
විවේක ගන්නා බවට කරුණු ඉදිරිපත් කළ ඇතැම් ක්‍රීඩකයන් ඒ කාලයේ දී අයි.පී.එල්.
තරගාවලියට සහභාගි වී මුදල් ඉපැයූ බව ගවස්කාර් පැවැසීය.
'විවේක ගන්නවා කියන්නේ ජාතික කණ්ඩායමෙන් ඉවත්ව සිටීම පමණක් නොවේ. ඔවුන් සෑම
ආකාරයක ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉවත්ව සිටිය යුතුයි. ඔවුන් එසේනම් අන්තර් සමාජ
ක්‍රීඩාවෙනුත් ඉවත්ව සිටිය යුතුයි. විවේක ගැනීම කියන්නේ එයයි.' ගවස්කාර් පවසයි.
ගවස්කර්ගේ චෝදනාවලට එකඟවන ඉම්රාන් ඛාන් පැවසුවේ, පසුගිය වසරේ අන්තර් ජාතික
ක්‍රිකට් පිටියේ ඉන්දියාවේ පසුබෑමට අයි.පී.එල්. තරගාවලිය හේතුවක් වූ බවය.
'අයි.පී.එල්. තරගාවලියත්, ටෙස්ට් ක්‍රීඩාවත් සමබර කරගත්තේ නැතිනම්,
ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව තවත් පහළ වැටේවි.' ඉම්රාන් අනතුරු ඇඟවීමක් කළේය.
0 comments:
Post a Comment