Photobucket

Tuesday, January 8, 2013

සිඟිති දියණියට පහර දී මැරූ පියා පාළු නි‍ෙවසක ගෙල වැලලාගෙන

පිළියන්දල වයස අවුරුදු එකහමාරක් පමණ වූ සිඟිති දරුවා අතින් පයින් පහර දී මරා දමා නිවසින් පලාගොස් සිටි පියා කහතුඩුව පොලිස් වසමේ පාලගම ප්‍රදේ්ශයේ පාළු නිවසක ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන සිටියදී ඔහුගේ සිරුර  (5) උදෑසන සොයා ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මොහු පිළියන්දල මොරහැද පදිංචිව සිටි හිටපු නාවික හමුදා භටයෙකු වන 43 හැවිරිදි මද්දුම කළුගේ සුනිල් ජයකොඩි නැමැති අයෙකි.

මෙම සැකකාර පියා විසින් ඝාතනය කර ඇත්තේ පිළියන්දල මොරහැද පදිංචිව සිටි මෙල්කි සලෝමි නැමැති අවුරුදු 1 1/2ක් පමණ වූ සිඟිති දැරියකි.

සැකකරුගේ පහර දීම නිසා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සිඟිති දැරිය මව විසින් ඉකුත් 4 වැනිදා පිළියන්දල රජයේ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරු පවසති.

මෙම දැරියට පියා විසින් කලක සිට සිදුකර ඇතැයි කියන පහරදීම් පිළිබඳව කිසිවෙකුට කිසිවක් හෙළි නොකිරීම සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ දැරියගේ මව වන රුක්ෂිකා තිළිණි (අවු. 19) නැමැත්තිය ද  (5) පිළියන්දල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. දැරිය රෝහල් ගත කළ අවස්ථාවේ දැරියගේ සිරුර පුරාම තැලීම් තුවාල දකින්නට තිබූ බවත් මීට පෙර පියා විසින් සිදුකරන ලද පහරදීමක දී දැරියගේ අතක් කැඩී එයට බෙහෙත් දමා වෙළුම් පටිවලින් බැද දමා තිබූ අයුරුත් දකින්නට ලැබුණ බවත් පොලිසිය කියයි. දැරිය කෑම නොකන බව පවසමින් පියා කාලයක සිට වරින් වර දැරියට අතින් පයින් පහර දෙන බවත් පියා ඉකුත් 4 වැනිදා ද දැරියට කෑම කැවීමට උත්සාහ කර ඇතැත් එම අවස්ථාවේ ද දැරිය කෑම ප්‍රතික්ෂේප කර ඇති නිසා සුපුරුදු පරිදි අතින් පයින් පහර දී ඇති බවත් පරීක්‍ෂණවලදී තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

දැරියගේ පියා මීට කලින් විවාහ වී ඇති දරු තිදෙනෙකුගේ පියකු බවත් ‍ෙමාහු රුක්ෂිකා තිළිණි නැමැත්තිය බාල වයස්කාර දැරියකව සිටියදී ඇය සමඟ සම්බන්ධයක් ඇතිකර ගෙන අතවරයකට ලක්කර ඇතැයි ද පොලිසිය කියයි.

බාල වයස්කාර දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් තිළිණිගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාස 8 ක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ සිට ඇප ලබා පැමිණ නීත්‍යනුකූ®ල බිරිඳගෙන් දික්කසාද වී මෙයට මාස 3 කට පමණ පෙරදී 19 වියෙහි පසුවූ රුක්ෂිකා තිළිණි නැමැත්තිය විවාහ කරගෙන ඇති බවත් ඇය විවාහ කර ගන්නා විටද ඔහුට දාව මෙම ඝාතනයට ලක් වූ දැරිය ලැබී ඇති බවත් පරීක්‍ෂණවලදී වැඩිදුරටත් තොරතුරු අනාවරණය වූ බව ද පොලිසිය කියයි.

සැමියා දියණියට බලහත්කාරයෙන් කෑම කැවීමට උත්සාහ කරන බවත් දියණිය කෑම නොගැනීම නිසා සැමියා දියණියට පහර දෙන බවත් එවිට දරුවා යටිගිරියෙන් කෑ ගසමින් හඬන බවත් දරුවාට ගහන්න එපා කියා තමා කියන විට සැමියා තමාටත් පහර දෙන බවත් දින තුන – හතරක සිටම මේ ආකාරයට සැමියා දුවට පහර දෙන බවත් ඇතැම් අවස්ථාවල පයින් ද දුවට ගසන බවත් මේ පහර දීම් බලා සිටීමට නොහැකිව තමා කිහිපවතාවක්ම දරුවා රැගෙන ගෙදරින් යන්න හැදුවත් සැමියා තමාට යන්න දුන්නේ නැති බවත් සිද්ධිය වූ දින (4) උදේත් සැමියා කෑම කන්නේ නැතැයි කියමින් දුවට පහර දුන් බවත් ඝාතනයට ලක් වූ සිඟිති දැරියගේ මව රුක්ෂිකා තිළිණි නැමැත්තිය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

ඝාතනයට ලක් වූ මෙල්කි සලෝමී දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය දකුණු කොළඹ ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පවත්වා ඇති අතර එම පරීක්‍ෂණය අවසානයේ දී මෙම මරණය හිසට හා යටි බඩට සිදුකළ පහරදීම් වලින් සිදු වූ මරණයක් බවට තීන්දු කර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්‍ෂණය යටතේ ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී එම්. ජේ. පී. ජයලත් මහතා ගේ මෙහෙයවීම මත පිළියන්දල පොලිස් ස්්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සෝමරත්න විජයමුණි මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නන්දසිරි ගමගේ සැරයන් නීල් ප්‍රියන්ත (19073), සැරයන් ජයසිංහ (38237) යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩාමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all