Photobucket

Sunday, December 16, 2012

ආකාශ වස්තුවලට බය වෙන්න එපා

- මහාචාර්ය චන්දන ජයරත්න

මේ දිනවල රාත්‍රී අහසේ දක්නට ලැබෙන ආකාශ වස්තූන් සම්බන්ධව කිසිඳු බියක් ඇති කරගත නොගත යුතු බවත් රාත්‍රි අහසේ දිස්වන උල්කා වර්ෂා මේ මාසයේ සාමාන්‍යයෙන් දැකගත හැකිවන දර්ශනයක් බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සිළුමිණට කීය.

බ්‍රහස්පති ග්‍රහයා පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීම නිසා වරින්වර රාත්‍රි අහසේ දීප්තිමත් ආලෝකය සහිත වස්තු දැකගත හැකිවන බවත් මහාචාර්යවරයා කීය. 

සුළු උල්කාපාත වර්ෂාවක් පොළොවට පතිත නොවන නිසා එයින් කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ලබන වසරේ පෙබරවාරි මාසයේදි පෘථිවියට කිලෝමීටර 16000 ක් පමණ ආසන්නයට ග්‍රාහකයක් ළංවන බවත් එම ග්‍රාහකයේ විෂ්කම්භය මීටර් 45 ක් පමණ බවත් කීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all