Followers

සතියේ හොදම ලිපි

දවසේ හොදම ලිපි


Photobucket

දරුවා මැරුවේ ඔහුගේ පියාට දරාගන්න බැරි දරුණුම වේදනාව දීමටයි

Monday, September 28, 2015


"දරුවගේ පියාගෙන් සිදුවූ කෙනෙහිලිකම් නිසා එයට පළිගන්න මම දරුවව කපලා කොටලා මැරුවා..." යෑයි පනාගොඩ කපුරුගොඩ ප්‍රදේශයේ කළුගල් වැඩපළක්‌ අසල පාළු නිවසකදී තියුණු ආයුධයකින් දස හැවිරිදි පිරිමි දරුවකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (27 වැනිදා) අතුරුගිරිය පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

මෙම ඝාතන සිද්ධියෙන් පසු සැකකරු පලාගොස්‌ තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක්‌ අරඹා තිබිණි.අනතුරුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු බියගම, බණ්‌ඩාරවත්ත ප්‍රදේශයේ පා ගමනින් යමින් සිටියදී කොටුකරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 7 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට හෝමාගම මහෙස්‌ත්‍රාත් වයි. ආර්. බී. නෙළුන්දෙණිය මහතා නියෝග කළේය. 

ඇල්ල ලියනගේ එබ්‍රහිම් පෙරේරා (50) නමැති සැකකරු කඩුවෙල, කොතලාවල පදිංචි අයෙකි. ඝාතනයට ලක්‌ව තිබුණේ පනාගොඩ කපුරුගොඩ පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති දරුවෙකි.

පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කවිඳු මෙම වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටියේය.

සිද්ධිය වූ පසුගිය සිකුරාදා වර්ෂාව නිසා කවිඳු පාසල් නොගොස්‌ නිවසේ රැඳී සිට ඇත. ඔහුගේ මව සිය වැඩිමල් සොහොයුරාට කෑම පාර්සලයක්‌ ලබාදීමට නිවසින් ගොස්‌ ඇත. කවිඳු සිය පියා සමග නිවසේ රැඳී සිටියදී පියාද ගොවිපළ වෙත ගොස්‌ ඇත.

විනාඩි දහයකට පසු නිවසට පැමිණි කවිඳුගේ පියා සිය දරුවා නිවසේ නොමැති බව දැන හැම තැනකම සොයා අසල්වාසීන්ටද මේ ගැන පවසා දරුවාව සොයන්නට පටන් ගෙන ඇත. කළුගල් වැඩපළ අසල පිහිටි පාළු නිවස ඉබි යතුරු දමා වසා තිබෙනු දැක එය ද ගසා විවෘත නොවීමෙන් පසු ඒ ගැන අදහස අතහැර යළිත් කවිඳුට වූ දේ සොයන්නට පටන් ගෙන ඇත. කොතෙක්‌ සෙව්වත් දරුවා හමු නොවූ නිසා පියා ඇතුළු පිරිස පාළු නිවසේ දොරගුළු කඩා ඇතුළු වී බැලීමේදී ගෙල, අත් පා වෙන් වන්නට කපා දමා මරා තිබූ සිරුර හමුවී තිබේ. 

ගල් වළේ වැඩට පැමිණි දා සිට දරුවගේ පියා මට බොහෝ කෙනෙහිලිකම් කළා. මට ඕනෑ කළා ඔහුට දරුණුතම දරාගත නොහැකි වේදනාවක්‌ දෙන්න. ගෙදරට යනකොට දරුවා රූපවාහිනිය බලමින් හිටියේ. දරුවාගේ ගෙදර අය එළියට යනකම් මම බලන් ඉඳලයි ගෙට ගියේ. පස්‌සේ දරුවව පාළු නිවස තුළට අරන් ඇවිත් කෑලි කෑලිවලට කපලා මරා දැම්මා..." යෑයි සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

ව්‍යාජ නම් ගම්වලින් පෙනී සිට ඇති සැකකරු පනාගොඩ ගම්වාසීන් නොමග යවමින් වසර එකහ මාරක කාලයක්‌ ගල් වැඩපළේ සේවය කර ඇත.

ඝාතනයට ලක්‌වූ කවිඳුගේ බාප්පාට අයත් මෙම ගල් වැඩපළේ රැකියාව කරන ඔහු ඒ ආසන්නයේ ඇති පාළු නිවසේ නැවතී සිට ඇත.

සැකකරු කාලයක්‌ තිස්‌සේ මෙම ඝාතනය සැලසුම් කර ඇති අතර, මීට මාස තුනකට පෙර ගොඩගම ප්‍රදේශයට ගොස්‌ මන්නා ගිහියක්‌ මිලදී ගෙනැවිත් ඔහු නැවතී සිටි නිවසේ සඟවා තබාගෙන සිට ඇත. 25 වැනිදා දරුවාගේ මව හා පියා එළියට යනු දැක පසුව එම නිවසට ගොස්‌ ඇති සැකකරු පුතේ කාසි වගයක්‌ තිබෙනවා යමු මං ඔයාට දෙන්නම්..." කියා දරුවා රවටාගෙන ඔහු නැවතී සිටි පාළු නිවසට රැගෙන ගොස්‌ ඇත. 

පසුව එම ගෙතුළ ඇති සකස්‌ කළ කුඩා වළක කාසි ඇති බව පෙන්වා එම වළ හාරා කාසි ලබා ගන්නා හැටියට සැකකරු දරුවාට පවසා තිබේ.

එම කාසි ලබාගන්නට දරුවා වළ හාරන අතරේ සැකකරු මන්නා පිහිය රැගෙන විත් දරුවාගේ ගෙල වෙන්වෙන අන්දමට කොටා ඇත.

පස්‌සේ මම දරුවාගේ සිරුර කෑලි කෑලිවලට කපා කොටස්‌ කර පසුව මන්නය විසිකර ත්‍රීවිල් එකක නැගලා ගිහින් පනාගොඩ හන්දියෙන් බැහැලා ගියා" යෑයි ද සැකකරු පොලිසියට කියා තිබේ.

මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ සැකකරු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් දිවයිනේ නමගිය අපරාධකරුවකු ද බව පොලිසිය කියයි.

නවගමුව ප්‍රදේශයේ දී තරුණයකු ඝාතනය කිරීම, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට 2007 වර්ෂයේ නැවත නිදහස්‌ වී පැමිණ ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් පනාගොඩ ප්‍රදේශයේ වාසය කර ඇත. එහිදී ගල්කොරි කර්මාන්තයේ නිරතව ඇති අතර මීට වසර 20 කට පමණ පෙර ගල්කොරියක වෙඩිල්ලක්‌ පිපිරී සැකකරුගේ ලිංගේන්ද්‍රිය සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත. මේ නිසා මොහු සමාජය කෙරෙහි දැඩි වෛරී ස්‌වභාවයකින් පෙළී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව අතුරුගිරිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සජීව මහානාම මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක අසංක ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් පියල් (56750), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන මහේෂ් (10033), තෙන්නකෝන් (40793), ගමගේ (40947), මඩවල (85851), චතුරංග (40603), රුවන් (61105) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
Read Post | comments

ජිනීවා වැඩි අවධානය ශ්‍රී ලංකාවේ සංහිඳියාවටයි

Sunday, September 27, 2015


එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය සඳහා ඉදිරිපත් වන යෝජනාවලි කෙටුම්පත මගින් වැඩි අවධානය යොමු කෙරෙන්නේ යුද අපරාධ ගැන සොයා බැලීමට වඩා රට තුළ සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය ඇති කිරීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට බව ඊයේ දහවල් (27 දා) අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තව දෙදිනකින් (30 දා) ජිනීවා නුවරදී විවාදයට ගැනෙන ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවලිය සහ ඒ සම්බන්ධයෙන් පැනනැඟීමට හැකි ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. අගමැති වික්‍රමසිංහ මහතාට අමතරව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා යන මහත්වරු ද මෙම හමුවට එක්‌වූහ. එහිදී අගමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

ප්‍රභාකරන් සමඟ පැවැති යුද්ධයේදී යුද අපරාධ සිදුව තිබෙන බව මුලින්ම පිළිගත්තේ ලක්‌ රජයයි. ඒ 2009 මැයි 23 වනදා, එනම් යුද්ධය අවසන් වීමෙන් දින කිහිපයකට පසු එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ලංකාවේ සංචාරය කළ අවස්‌ථාවේදීයි. එහිදී යුද අපරාධ සොයා බලන යාන්ත්‍රණයක්‌ ඇති කිරීමට මහ ලේකම් බෑන් කී මූන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එකඟ වුණා. ඉන්පසු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකික නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක කරුණු 11 කින් සමන්විත පොරොන්දුවලියක්‌ ඉටු කරන්නටත් පොරොන්දු වුණා. එහෙත් ඒ එක පොරොන්දුවක්‌වත් රජයේ පාර්ශ්වයෙන් ඉටු කළේ නැහැ. උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසම (ඛඛRC) ක්‍රියාත්මක කරනවා කියා කීවත් එය සිදුවුණෙත් නැහැ. එහෙම ඇදෙමින් තිබුණු මේ ප්‍රශ්නය තවත් දුරදිග ගියා නම් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර්ජාතික මට්‌ටමෙන් සම්බාධක පැනවීමේ තර්ජනයක්‌ මතුවෙන්න තිබුණා. එහෙත් අද ඒ තර්ජනය නැති කර සාධාරණ තලයකට ජාත්‍යන්තරය ගෙන ඒමට අපට හැකිව තිබෙනවා. මේ ප්‍රශ්නය අවසන් කරගැනීම සඳහා අපට ලැබී තිබෙන අවසන් අවස්‌ථාව මෙයයි.

මේ අලුත් යෝජනාවලියේ තිබෙන තවත් වැදගත් දෙයක්‌ තමයි අපේම යාන්ත්‍රණයක්‌ මගින් යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ලංකාවට ඉඩ ලැබීම. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව ඇති කරන්නටයි. අපේ වැඩපිළිවෙළ නිසා හිටපු ජනාධිපතිතුමත් විදුලි පුටුවෙන් බේරෙනවා. හිටපු ආරක්‍ෂක ලේකම්තුමත් විදුලි පුටුවෙන් බේරෙනවා.

මෙම යෝජනාවලිය ක්‍රියාත්මක වීමෙන් පසු ආගමික නායකයන්ගේ මණ්‌ඩලයක්‌ හෙවත් කාරුණික සභාවක්‌ පිහිටුවන බවත් ඒ හරහා නිර්දේශ ලබාගෙන ප්‍රතිසන්ධානය සහ සංහිඳියාව ඇති කිරීමට කටයුතු කරන බවත් අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදී තවදුරටත් සඳහන් කළේය. දේශීය යාන්ත්‍රණය මගින් සොයා බැලෙන ප්‍රධාන කාරණයක්‌ වන්නේ යුද සමයේදී යුද්ධයෙන් පරිබාහිරව සිදු වූ ස්‌ත්‍රී දූෂණ, පුවත්පත් කලාවේදීන් පැහැරගෙන යැම්, සහ පහරදීම් වැනි දේ බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
Read Post | comments

හාල් ටොන් ලක්ෂ 10ක් ගෙන්වීම වී අර්බුදයට තවත් ප්‍රබල හේතුවක්

Wednesday, September 23, 2015

පසුගිය ජනවාරි මාසයට පෙර පසුගිය රජය විසින් ඇණවුම් කළ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් මේ රටට ගෙන්වීම මෙරට වී මිලදී ගැනීමේ අර්බුදයට තවත් හේතුවක් වී ඇතැයි අනාවරණය වෙයි. එම හාල් තොග ස.තො.ස. ඇතුළු ආයතන මඟින් තවමත් අඩුමිලට විකුණන නිසා පෞද්ගලික සහල් මෝල් හිමියන්ට පෞද්ගලික ලෙස වී මිලදී ගැනීමට අපහසු වී ඇතැයි සහල් මෝල් හිමියන්ගේ සංවිධානය පවසයි.


මේ අනුව 2014 ව‍ස‍ෙර්දි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8.5 ක්ද 2015 වසරේ මුල් භාගයේදී මෙට්‍රික් ටොන් 1.5 ක් මෙරටට ගෙන්වා ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති අශෝක පතිරණ මහතා සිළුමිණට කීය.

මේ අතර ගොවි සංවිධාන හා සහල් කර්මාන්ත කරුවන්ගේ එකමුතුවේ කැඳවුම්කරු අරුණ ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ මේ තත්ත්වය මත වී සහතික මිල රුපියල් 40 කිරීමටත් පාන් පිටි මිල රුපියල් 30 කින් වැඩි කිරීමටත් කටයුතු කරන ලෙස තම සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවයි.
Read Post | comments

තව වසර 25ක් යන විට අපේ රටේ එක අලියෙක්වත් නැහැ

දැනට මෙරට ඉතා දරුණුව පවතින අලි - මිනිස් ගැටුම නිසා ඉදිරි වසර 25 - 30 ඇතුළතදි අපේ රටින් අපේ අලි පරපුර සදහටම නැතිවී යාමේ දැඩි අවදානමක් ඇතැයි පාරිසරික සංවිධාන හා වනජීවී විද්වත්තු පවසති.


2012 - 2013 - 2014 යන වසරවලදී හා 2015 වසරේ මුල් මාස 8 ඇතුළත අලි - මිනිස් ගැටුම නිසා අලි 775 ක් හා මිනිස් ජීවිත 215 ක් අපට නැතිවී ඇතැයි ඉහත ආයතනවල සංඛ්‍යාලේඛන අනුව පෙන්වා දෙයි.

ඊට අමතරව 1990 - 2000 වසර 10 ඇතුළත වන අලි 1300 ක් හා මිනිස් ජීවිත 350 ක් අපට අහිමි වී ඇතැයි හිටපු වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර නන්දන අතපත්තු මහතා පවසයි.

වනජීවී විද්වතුන් හා පරිසර සංවිධාන පෙන්වා දෙන පරිදි අපේ රටේ දැනට සිටින්නේ අලි ඇතුන් 3500 කට අඩු ගණනකි. පසුගිය සංඛ්‍යා ලේඛන අනුව වසරකට අලි ඇතුන් 220 ක් අපට අහිමි වී යයි. වසරකට අලි පැටවුන් 100 ක් උපත ලැබුවත් ඉදිරි වසර 25 - 30 ඇතුළත අපේ රටින් අලි සම්පත සදහටම නැතිවී යන තත්ත්වයක් ඇතිවී ඇතැයි මෙරට වනජීවී හා පරිසර අංශ අවධාරණය කරයි.

රටේ යෝජනා වී ඇති අලිමංකඩ ගැසට් කර අලින්ට සංක්‍රමණයට වෙන් කිරීමෙන් හා හණ, ගජමදාරා, බෝගන්විලා, තල් වැනි ශාකවලින් යුත් වැට මායිම් ඉදිකිරීමෙන් අලි මිනිස් ගැටුම අවම කර ගත හැකි බව වනජීවී සංරක්ෂණය පිළිබඳ විද්වත්හු පෙන්වා දෙති.
Read Post | comments

අසාද් සාලි බලහත්කාරයෙන් කාන්තාවක්‌ නිවසේ රඳවාගෙන

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා 54 හැවිරිදි කාන්තාවක්‌ සිය නාවල නිවසේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට වැලිකඩ පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් වී ඇත.


මෙම කාන්තාවගේ ඥාතීන් අසාද් සාලි මහතාගේ නාවල නිවස ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණය කරමින් සිය ඥාතියා ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

මෙම කාන්තාව දරුවන් සිවුදෙනකුගේ මවකි.

අසාද් සාලිගේ නිවසේ සිටි පිරිසක්‌ තමන්ට තර්ජනය කළ බව මෙම කාන්තාවගේ ඥතීහු පැවසූහ.
Read Post | comments

යුවරාජ්ට නව පෙම්වතියක්

වසර ගණනාවක සිටම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සිහින කුමාරයා ලෙස හැඳින්වෙන්නේ යුවරාජ් සිංය. ඊට ඔහුගේ කඩවසම් බවත් ක්‍රීඩාමය හැකියාවත් බලපා තිබේ. මේ වන විට 34 හැවිරිදි වියේ පසුවන යුවරාජ් ක්‍රිකට් ක්‍රීඩාවේදී තුන් ඉරියව්වටම දස්කම් දක්වයි. ඒ වමත් පිතිහරඹය, වමතින් දඟ පන්දු යැවීම සහ පන්දු රැකීමටයි.

පසුගිය කාලයේ දී මේ සුපිරි ක්‍රීඩකයාගේ ක්‍රිකට් දස්කම්වලට වඩා මාධ්‍ය මඟින් වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන්නේ ඔහුගේ පෞද්ගලික දිවියටයි. එයිනුත් ඔහුගේ පෙම් සබඳතාවන්ටයි. බොලිවුඩයේ සුරූපි නිළියන් සහ මෝස්තර නිරූපිකාවන් රැසක්ම යුවරාජ්ගේ පෙම්වතියන් ලෙසට සිටියහ.

ඒ අතරට කිම් ෂර්මා, ප්‍රීති සින්ටා, දීපිකා පදුකෝන්, ශිල්පා ෂෙට්ටි, ජෙනිෆර් කොට්වාල්, සෝනම් කපූර්, අම්රිටා අරෝරා, අමීෂා පටෙල් අයත් වෙති.

ඉකුත් කාලයේ දී යුවරාජ්ගේ පෙම්වතිය වූයේ නේහා දූපියාය. ඇය මුලින්ම රූප සුන්දරියකි. පසුව මෝස්තර නිරූපිකාවක් සහ නිළියක් ලෙසටත් ජනප්‍රිය වූවාය. මෙම සබඳතාවයත් මේ වන විට නිමාවට පත් වී තිබේ. ඒ යුවරාජ්ට නව පෙම්වතියක් සිටින බැවිනි. ඇය නමින් හේෂල් කීච්ය.

හේෂල් එංගලන්තයේ උපත ලැබූ මෝස්තර නිරූපිකාවක් සහ නිළියකි. ඇය බිලා (2007) දමිළ සහ බොඩිගාර්ඩ් (2011) හින්දි චිත්‍රපටිවල රඟපා තිබේ. ඇය කලක් රෝස් ඩෝන් යන නම භාවිතා කළාය. ඇගේ පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. මව මුරුසි කතකි. හේෂල් වයස අවුරුදු 18 දී ඉන්දියාවට පැමිණියේ නිවාඩුවක් ගත කිරීමටයි. පසුව ඇය පදිංචිය සඳහා එරටම තෝරා ගත්තාය. යුවරාජ්ගෙන් නව පෙම්වතිය පිළිබඳ විමසූ විට ඔහු පවසා තිබෙන්නේ ඇය මිතුරියක බවය. කෙසේ වෙතත් යුවරාජ් සහ හේෂල් පසුගියදා ලන්ඩන් නුවර විවේකයෙන් ගත කළ බව වාර්තා වේ.
Read Post | comments

කඩුවෙල කලබලේ අස්සේ දෙන්නෙක් පනිති

කඩුවෙල උසාවියේ වෙඩි තැබීමේ සිද්ධියත් සමග මිනීමැරුම් නඩුවක සැකකරුවන් දෙදෙනකු පැන ගිය බව පොලිසිය පවසයි.

දැඩිගමුව යශෝධරා මාවතේ මාබුලගේ දිනිත් මිලාන් හා දැඩිගමුව සමගි මාවතේ චමින්ද බුද්ධික ඒ දෙදෙනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඔවුන් මාංචු පිටින් පැන්නේද නැද්ද යන්න සොයාගෙන නැතැයිද ඔවුන් සෙවීම සඳහා පොලිස් හා බන්ධනාගාර කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් ඇරඹූ බවද පොලිසිය පවසයි.
Read Post | comments

කඩුගන්නාවෙන් තවත් කසල තේ තොගයක්

දවුලගල  සිට කොළඹ  කර්මාන්ත ශාලාවකට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ පටවා ගත් තවත් ලොරියක් පොලිස් විශේෂ කාර්ය බළකා‍ය මගින් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය  පවසයි.


කසල තේ කිලෝග්‍රැම් 5550 ක් සහිත ලොරිය හේනාවල ප්‍රදේශයේදී  අඟහරුවාදා (22) අත් අඩංගුවට ගන්නා විට එම කසල තේ ප්‍රවාහනය සදහා  අවසර පත්‍රයක්ද නොතිබුණු බව කඩුගන්නාව පොලිස් දූෂණ මර්දන ‍ඒකකය පවසයි.
Read Post | comments

ඉන්දුනීසියාවේ ළැව් ගිනි කලාපයේ ජන ජීවිතය අඩපණ කරයි

පසුගියදා ඉන්දුනීසියාවේ පැතිර ගිය ළැව් ගිනි හේතුවෙන් ගිනිකොන ආසියාවේ තවත් රටවල් කිහිපයක ද ජන ජීවිතය අඩාළ විය. ඉන්දුනීසියාවේ සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත්වල පැතිර ගිය මේ ළැව් ගිනි හේතුවෙන් වනාන්තර අක්කර දහස් ගණනක් විනාශ විය.

එහෙත් වඩාත් හානිකර වී ඇත්තේ පැතිර ගිය ළැව් ගිනිවලින් නැගුණු දුම් වලාවයි. මේ දැඩි ඝන දුමාරය කොතෙක් වී ද යත් අසල්වැසි මැලේසියාවේ සාමාන්‍ය ජන ජීවිතය එයින් අඩාළ විය.

මැලේසියාවේ අගමැති මැඳුර පිහිටි පුත්‍රජයා නගරයද මේ දුමාරයෙන් වැසී ගිය අතර අගමැති මැඳුරද දුමාරයට මැදි විය. ක්වාලාලම්පූර් නගරයේ පමණක් පාසල් 2000ක් වසා දැමුණූ අතර නගරයේ මාර්ගවල දර්ශනය පවා අපැහැදිලි වූයෙන් මාර්ගවල ගමනාගමනයට ද බාධා ඇති විය.

තවත් අසල්වැසි රටක් වූ සිංගප්පූරුවේ ගුවන් ගමන්වලට බාධා ඇති වූයෙන් ගුවන් ගමන් වාර රාශියක්ම අවලංගු කරන්නට සිදු විය.

මෙලෙස ගිනිකොන ආසියානු කලාපය අඩපණ කර දැමූ ළැව් ගින්න ඇතිවීමට හේතුව ලෙසින් හඳුනාගෙන ඇත්තේ අනවසර කැලෑ එළි‍කිරීම් ය. ඉන්දුනීසියාව යනු තවමත් නොඉඳුල්ව පවතින ස්වාභාවික වැසි වනාන්තරවලින් සමන්විත සුන්දර දේශයකි.

එහෙත් අනවසර කැලෑ එළිකරන්නන්ගෙන් තම වනාන්තර රැක ගැනීමට එරට රජය යොදන බලය අවමය.

ළැව් ගිනි පැතිර යෑමෙන් පසුව ගිනි නිවීම සඳහා විශේෂ ගුවන් යානා කිහිපයක්ම යෙදවීමට ඉන්දුනීසියානු බලධාරීන්ට සිදුවිය. හෙලිකොප්ටර් යානා තුනකින් වතුර බෝම්බ හෙළන ලදී. ගිනි නිවීම් සඳහා යොදා ගත් තවත් විශේෂ ගුවන් යානයක් ලෙස ගුවන් ට්රැක්ටරය විශාල මෙහෙයකට දායක කර ගෙන තිබේ.

මේ ගුවන් ට්රැක්ටරයේ ජලය ලීටර් 3000ක් ගුවනට ගෙන යා හැකිය. ගින්නේ දරුණුකම හේතුවෙන් තවත් ගුවන් ට්රැක්ටරයක් ඔස්ට්‍රේලියාවෙන් වහාම ගෙන්වීමට ද ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කර තිබිණි.
Read Post | comments

'බව්වා' බිරුවැයි කළුවිතාරණගෙන් පැමිණිල්ලක්‌


1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රබලම සාමාජිකයකු මෙන්ම වත්මන් ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු රොමේෂ් කළුවිතාරණට, ජාතික කණ්‌ඩායමේ සහයක පුහුණුකරුවකු ලෙස සිටින පුද්ගලයකු කරන ලද තර්ජනයක්‌ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට පැමිණිල්ලක්‌ ලැබී ඇත.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පන්දුව විසිකිරීමට මෙන්ම වත්මන් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස "ලේබල්" ගතව සිටින අදාළ තැනැත්තා විසින් රොමේෂ් කළුවිතාරණට මෙසේ තර්ජනය කර ඇති බව වාර්තා වේ.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා "ඒ" කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට පුහුණුවීමට තණතීරුවක්‌ ලබා ගැනීමට කළ උත්සහයකදී කළුවිතාරණ කියු කතාවක්‌ සම්බන්ධව උරණ වූ අදාළ තැනැත්තා කළුවිතාරණට මරණ තර්ජන කරමින් කෑ කෝ ගසා ඇති අතර එතන සිටි කිහිප දෙනකු ඒ සම්බන්ධව කළුවිතාරණට දැනුම් දී තිබේ. අනතුරුව කළුවිතාරණ ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට පැමිණිලි කර ඇත.

"ක්‍රිකට්‌ ගහපු කෙනෙක්‌ තමයි ක්‍රිකට්‌ ගැන දෙයක්‌ දන්නෙ" යනුවෙන් කළුවිතාරණ විසින් අවිශ්ක ගුණවර්ධනට පවසා ඇතැයි වාර්තා වේ. එහිදී පළමු පෙළ හෝ ක්‍රිකට්‌ ක්‍රීඩා නොකර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පන්දු රැකීමේ පුහුණුවට මෙන්ම පිතිකරණ පුහුණුවටද පන්දුව විසි කරන තැනැත්තා උරණ වී ඇතැයි "දිවයින" කළ සොයා බැලීමකදී අනාවරණය විය. "බව්වා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම පුද්ගලයා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාර්යාලයේ සේවය කරන කාන්තාවකටද "චණ්‌ඩි පාට්‌" දමා ඇති බවත් එම කාන්තාවද ඒ සම්බන්ධව පැමිණිලි කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දුෂණ මර්දන ඒකකයට පවරා ඇත. ඒ සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලක්‍ෂ්මන් ද සිල්වා මහතා පරීක්‍ෂණයක්‌ පවත්වා තිබේ.

අදාළ පරීක්‍ෂණයේදී සිදුවූ දෙය පිළිබඳව සොයා බලා ඇති අතර එම සිදුවීම එතැනින් අහවර කිරීමට නියමිතව ඇතැයි ක්‍රිකට්‌ ආයතන නිලධාරියකුගෙන් වාර්තාවේ. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ විනය රැක ගැනීම සහ ජාතික කණ්‌ඩායමක පන්දුව විසි කිරීමට හෝ ක්‍රිකට්‌ පිළිබඳව හසල දැනුමක්‌ ඇත්තකු පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධානීන් අසමත්වීම මෙවැනි ගැටුම් නිර්මාණය වීමේ ප්‍රධානතම හේතුව බව තතු දත් උදවිය "දිවයින" ට පැවසීය. 

කෙසේ වෙතත් ක්‍රීඩකයන් සමග ඉතාම සමීපයෙන් කටයතු කරන "බව්වා" නමැත්තාට ඉදිරියටත් එම රාජකාරිය කරගෙන යැමට හැකි වටපිටාවක්‌ අදාළ සිදුවීමෙන් පසුවද සකස්‌වී තිබීම විශේෂත්වයකි.
Read Post | comments

නැන්දණිය ඝාතනය කළැයි මරණ දඩුවම

මුදල් ආරවුලක් මත තම නැන්දනියට පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරැ වූ දික්වැල්ල බතීගම ප්‍රදේශයේ පුද්ගලයකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් මරණ දඬුවම නියම කළේය.

2005 වර්ෂයේ මාර්තු 28 වන දින බතීගම පදිංචි නාවුරැන්නගේ නීතා නැමැති අය මෙසේ ඝාතනයට ලක් වී තිබුණි.

ඇයගේ දියණියක් විවාහ කර ගෙන සිටි බතීගම පදිංචි කැකණදුර විදාන ගමගේ සමන්ත නැමැති අයට මෙසේ මරණ දඬුවම නියම විය.

2012 වර්ෂයේ සිට විත්තිකරු නඩුවට ඉදිරිපත් වීම මගහැර තිබූ අතර ඒ හේතුවෙන් ඔහුට විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට විනිසුරැවරයා කටයුතු කළේය.
Read Post | comments
 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all