මීගමුව කිඹුලාපිටිය අස්‌වැද්දුම ළිඳ ප්‍රදේශයේ නිවසක් තුළදී
17 හැවිරිදි සුරූපී යුවතියකට 23 වැනිදා පිහියකින් ඇන සාහසික
ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සජිත් මදුශංක
(22) නමැති සැකකරු එම ඝාතනය සිදු කිරීමේ සිද්ධියට මාස දෙකකට
පමණ පෙර සිට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය උල්පිහිය 2012
දෙසැම්බර් මස මිලදී ගෙන ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී
අනාවරණය වී ඇත.
රතිඤ්ඤා කම්හලක සේවකයකු වූ සැකකරු එම පිහිය මිලදී ගෙන ඇත්තේ රතිඤ්ඤා වෙළෙදාම සඳහා මීගමුව නගරයට පැමිණි අවස්‌ථාවකදී මීගමුව පිටිපන ප්‍රධාන මාළු වෙන්දේසි පොළ අසලදී එහි සිටි පදික වෙළෙන්දෙකුගෙන් බවත් මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‌ෂක සජිත් රත්නායක මහතා විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු එම ඝාතනය සිදු කිරීමට පෙර දින රාත්‍රි සිට පිහියද අතැතිව මියගිය තැනැත්තියගේ නිවස අසල පිහිටි වෙල්යායක කුඩා මඩුවක් තුළ සැඟ වී යුවතිය ඝාතනය කිරීම සඳහා නිදි නොලබා රැය පහන් කරමින් රැක සිටි බවද අනාවරණය වී ඇත. අත්අඩංගුවේ පසුවන සැකකරු 2010 වසරේ බළන්ගොඩ, කල්තොට ප්‍රදේශයේ සිට රතිඤ්ඤ කම්හලක සේවය කිරීම සඳහා මීගමුවට පැමිණ ඇත.
පසුව ඔහු මෙම සිද්ධියේදී මියගිය යුවතිය දැක ඇයට පෙම් කිරීමට පටන් ගෙන ඇත. එහෙත් යුවතිය එම පෙම ප්‍රතික්‍ෂේප කර ඇති අතර අවසානයේ ඇයට සැකකරු කරදරයක් බවට පත්වූ අවස්‌ථාවේ ඒ බව ඇගේ වැඩිමල් සොහොයුරන් දෙදෙනාට දන්වා ඇත. එහිදී එම සොහොයුරන් දෙදෙනා සැකකරුට තම නැගනියට කරදර නොකරන ලෙසට අවවාද කිරීමෙන් අනතුරුව එම සොහොයුරන් දෙදෙනා සහ යුවතිය ඝාතනය කිරීමට සැලසුම් කර සැකකරු පිsහිය මිලදී ගෙන ඇත. යුවතිය ඝාතනය වූ දින සැකකරු ඇගේ නිවසේ සියල්ලන් රැකියාවට නික්‌ම ගිය පසු පිහියත් රැගෙන උදේ 6.00 ට පමණ ඇගේ නිවසට ඇතුළු වී ඇත.
එහිදී සැකකරු යළි වරක් යුවතියගේ ආදරය තමාට පුද කරන ලෙසට ඉල්ලා සිටියත් යුවතිය එය ප්‍රතික්‍ෂේප කළ අවස්‌ථාවේ සැකකරු යුවතියට පිහියෙන් ඇන ඇත. ඔහු තරුණියගේ ගෙලට සහ පපුවට පිහි පහරවල් තුනක් එල්ල කර ඇති අතර එහිදී යුවතිය බිම වැටුණු අවස්‌ථාවේ ඇයට සැකකරු යළිත් වරක් පිහියෙන් ඇන්නත් පිහිතලය කැඩී ඇත. පසුව එහි දොරක් අසල තිබූ කොන්ක්‍රීට් ගල් කැටයක් රැගත් සැකකරු යුවතිගේ හිසට දරුණු පහරක් එල්ල කර ඇත. එම යුවතියගේ කෑගැසීම් හඬ ඇසී අසල්වාසීන් එහි එක් රොක්‌වූ අවස්‌ථාවේ සැකකරු නිවස තුළම පිහිය දමා පලා ගොස් ඇති අතර එහිදී ප්‍රදේශවාසීහු සැකකරු අල්ලා මීගමුව පොලිසියට භාරදී ඇත.
මීගමුව සහකාර පොලිස් අධිකාරි ෂ ආනන්ද අල්විස්, මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‌ෂක ගාමිණී හල්ලව යන මහත්වරුන්ගේ අධීක්‌ෂණය මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‌ෂක සජිත් රත්නායක මහතා විමර්ශන කටයුතු සිදු කරන ලදී.

0 comments:
Post a Comment