Photobucket

Thursday, February 28, 2013

වෙරි වැඩිවී කෘතිම දත් ඇන්ද උගුරේ හිරවී පුද්ගලයෙක්‌ මියයයි

සිය බිරිඳට පිහියෙන් ඇන බරපතළ ලෙස තුවාල සිදු කළ සැමියකු ඔහුගේ කටේ තිබූ කෘත්‍රිම දත් ඇන්ද උගුරේ හිරවීමෙන් හුස්‌ම ගැනීමට නොහැකිව මිය ගොස්‌ තිබේ.

මෙම පුවත අනාවරණය වූයේ අවිස්‌සාවේල්ල මූලික රෝහලේ පැවැති හදිසි මරණ පරීක්‍ෂණයකදීය.

අධික ලෙස බීමත්ව සිටි මෙම පුද්ගලයා සිය බිරිඳ හා ආරවුලක්‌ ඇතිකරගෙන ඇයට පහරදී පිහියකින්ද ඇන බරපතළ ලෙස තුවාල සිදුකර ඇති බව පැවසේ.

ඔවුන්ගේ පුතෙකු විසින් තුවාලලත් මව හෝමාගම රෝහලට ඇතුළු කර නැවත නිවසට පැමිණි අවස්‌ථාවේ මෙම අපරාධය කළ තම පියා නිවසේ සිහිසුන්ව ඇද වැටී සිටිනු දැක රෝහල වෙත ගෙන ගිය බවත්, ඒ වන විටත් ඔහු මියගොස්‌ සිටි බව රෝහලේදී දැනගන්නට ලැබුණු බව හෙතෙම පැවසූහ.

මෙලෙස මරණයට පත්වූයේ හංවැල්ල පොලිස්‌ වසමේ දිද්දෙනියේ පදිංචිව සිටි 65 හැවිරිදි ලිහිණිකඩුවගේ ඥනරත්න නමැති අයෙකි.

අවිස්‌සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. පී. විඡේරත්න මහතා විසින් මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර මිය ගිය අයගේ පුතා විසින් ලබාදෙන ලද සාක්‍ෂි හා වෛද්‍යවාර්තාව සැලකිල්ලට ගත් පාදුක්‌ක තුම්මෝදර හදිසි මරණ පරීක්‍ෂක, වෛද්‍ය පන්නිපිටිය මහතා විසින් මෙම මරණය අධික මත්පැන් පානය හේතුවෙන් මුඛයේ තිබූ කෘත්‍රිම දත් ඇන්ද උගුරේ හිරවී සිදුවූ මරණයක්‌ ලෙස නිගමනය කළේය. හංවැල්ල පොලිසියේ කොස්‌තාපල් රණසිංහ මහතා (20599) සාක්‍ෂි මෙහෙය වන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all