මතුගම වැලිමානාන හන්දියේදී 25 දා රාත්‍රි 11
ට පමණ යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන්
යතුරුපැදියේ ගමන් ගත් තරුණයෝ දෙදෙනෙක් මරුමුවට පත්වූහ.
හිස් වැසුම් නොමැතිව මෙම දෙදෙනා යතුරුපැදියෙන් ගමන් කර ඇතැයිද වේගය පාලනය කරගැනීමට නොහැකිවීම නිසා මෙම අනතුර සිදුවී ඇතැයිද පොලිසිය පවසයි.
මෙසේ මරුමුවට පත්වී ඇත්තේ බෝපිටිය වැල්කන්දල පදිංචිව සිටි පටබැඳිගේ නුවන් පුෂ්පකුමාර (අවු. 20) හා රුවන් ජයසිංහ (අවු. 22) යන දෙදෙනා බව මතුගම පොලිසිය පවසයි. තරුණයන් දෙදෙනා සාදයකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
මියගිය දෙදෙනාගේ මරණ පරීක්‍ෂණය හා පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ 26 දා දහවල් මතුගම වෑත්තෑව රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
මතුගම පොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක රාජරත්න ජයසුන්දර මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

0 comments:
Post a Comment