නොමිලයේ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ඖෂධ නිකුත් කරන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන සහ
වෛද්‍ය සායන ගැන අප කොතෙකුත් අසා ඇතත්. මාස්පතා නොමිලයේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර
සහ ඖෂධ ලබාදෙන ස්ථානයන් ගැන ඇසීමට ලැබෙන්නේ් ඉතා කලාතුරකිනි.
දැනට වසර ගණනාවක සිට එසේ නොමිලයේ වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ඖෂධ නිකුත් කරමින්
දහස් සංඛ්‍යාත රෝගීන්ට සුවසෙත සැලසීමේ මහඟු සමාජ සත්කාරයක යෙදෙන බටහිර මෙන්ම
ආයුර්වේද වෛද්‍ය සායන දෙකක් ඉංගිරිය, ඉමගිර ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ
මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වේ.
කොළඹ කොටුව සිංහ සමාජය සහ අගනුවර වෙළඳ ව්‍යාපාරික උපාලි සෙනරත් මහතා සහ සුජාතා
සෙනරත් මහත්මිය විසින් බටහිර ඖෂධ සායනයෙන් රෝගීන් වෙනුවෙන් නොමිලයේ නිකුත්
කරන රුපියල් දහස් ගණනක් වටිනා ඖෂධ වෙනුවෙන් අනුග්‍රහය දක්වන අතර, ආයුර්වේද
වෛද්ය්ය සායනය සඳහා අනුග්‍රහය දක්වන්නේ හොරණ ප්‍රාදේශීය සභාව විසිනි.
විහාරාධිපති ඉංගිරියේ විපුලසාර හිමියන්ගේ මගපෙන්වීම මත ක්‍රියාත්මක වන
මෙම වෛද්‍ය සායන සඳහා දවස මුළුල්ලේම සිය කාලය සහ ශ්‍රමය කැපකරමින් විහාරස්ථ
සහන සේවා සමිතියේ සාමාජිකයින් කරන කැපකිරීමද විශේෂයෙන් අගය කළ යුතුය.
සෑම සතියකම අඟහරුවාදා දින පැවැත්වෙන ආයුර්වේද වෛද්‍ය සායනයේ රෝගීන්
පරීක්ෂාව සහ ඖෂධ නියම කිරීම ආයුර්වේද වෛද්‍ය හිමාලි පෙරේරා මහත්මිය විසින්
සිදුකරනු ලබන අතර, දෙදෙනෙකුගේ කාර්යයන් තනිව ඉටු කරමින් ඖෂධ නිකුත් කරන එම්.
ඩී. මල්කාන්ති මහත්මිය රෝගීන් වෙනුවෙන් සිදුකරන සිය කැපවීම ප්‍රසංශනීයයි.
මසකට වරක් පැවැත්වෙන බටහිර වෛද්‍ය සායනයේ කටයුතු වෙනුවෙන් හොරණ මූලික රෝහලේ
වෛද්‍ය ආර්. පී. රණතුංග මහතා ස්වේච්ඡාවෙන්ම පැමිණ සිය සේවය දවස මුළුල්ලේම
ලබාදීම විශේෂයෙන්ම අගය කළ යුතු අතර හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරි තමර කළුබෝවිල
මහතාද රණතුංග මහතාව ඒ වෙනුවෙන් යොමු කිරීමට කටයුතු කර ඇත්තේද මෙම මහඟු
සත්කාරයේ වටිනාකම වටහා ගත් නිසාවෙන් විය යුතුමය.
0 comments:
Post a Comment