නුවරඑළිය මහ රෝහල මගින් රෝගීන් වෙත නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන්
ලබාදී ඇති ඉන්සියුලින් එන්නත් ඖෂධ අඩංගු බෝතල් 06 ක් නුවරඑළිය නගරයේ පෞද්ගලික
බටහිර ඖෂධ වෙළෙඳ සලක තිබී පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑළිය දිස්‌ත්‍රික් වැටලීම්
ඒකකය මගින් (08දා) අත්අඩංගුවට ගෙන ඇත.
නුවරඑළිය දිස්‌ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම උපාය දූතයකු යොදවා සිදුකළ බවත්, ඉන්සියුලින් එන්නත අඩංගු කුඩා බෝතලයක් රුපියල් 1400/} කට විකුණනු ලැබූ අවස්‌ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගත් බවත් පවසන පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑළිය දිස්‌ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි අයි. විමලසිරි මහතා ඖෂධ වෙළෙඳසල පරීක්‍ෂා කිරීමේදී ඉතිරි ඉන්සියුලින් එන්නත් බෝතල් 05 අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් කියා සිටී.
දියවැඩියා රෝගීන්ගේ සායනයේදී, රෝගීන් වෙත නොමිලේ නිකුත් කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබාදී ඇති මෙම එන්නත පෞද්ගලික ඖෂධ වෙළෙඳසලකට කෙසේ නිකුත් කළේද යන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්‍ෂණයක් කරන බව නුවරඑළිය මූලික රෝහලේ නිලධාරියෙක් පැවැසීය.
නුවරඑළිය නගරයේ ප්‍රධාන වීදියේ බටහිර ඖෂධ වෙළෙඳ සලේ හිමිකරුවා හා අත්අඩංගුවට ගත් ඖෂධ මෙම මස 17 වැනි දින නුවරඑළිය දිසා අධිකරණය හමුවට පමුණුවන බව වැටලීම මෙහෙය වූ පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑළිය දිස්‌ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි අයි. විමලසිරි මහතා වැඩිදුරටත් පැවැසීය. මෙම වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑළිය දිස්‌ත්‍රික් ඒකකයේ විමර්ශන නිලධාරීන් වන ඒ.එන්.කේ. රත්නායක හා අරවින්ද කුමාර යන නිලධාරීන්ද සහභාගී වූහ.
0 comments:
Post a Comment