Photobucket

Thursday, January 10, 2013

වෙළෙඳපොළේ විකිණීමට ඇති කහකුඩුවල පාන්පිටි කලවම්

වෙළෙඳ පොළේ අලෙවිය සඳහා ඇති කහකුඩු සාම්පල්වලින් 30%-35% ක අනිවාර්යයෙන්ම පාන් පිටි කලවම් වී ඇති බවත්, ඒ තත්ත්වය කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ සති ගණනාවක්‌ පුරා කරන ලද වැටලීම් වලින් අනතුරුව රජයේ රස පරීක්‍ෂක වාර්තාවෙන් තහවුරු වී ඇති බවත් මෙලෙස කහකුඩුවලට පාන් පිටි කලවම්කර අලෙවි කරන ලද සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් ඊයේ මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්‍ෂක ඩබ්ලිව්. ඒ. එස්‌. විඡේකෝන් මහතා  පැවැසීය.

කටාන ප්‍රදේශය තුළ සහ ඊට පිට ප්‍රදේශවලින් ගෙනැවිත් අලෙවි කරන කහකුඩු සාම්පල සියල්ලකම පාහේ පාන් පිටි මිශ්‍ර වී ඇත්තේ අහම්බෙන් නොව, කූට වෙළෙඳුන්ගේ අනුදැනුම මත බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කියා සිටියේය.

වියළි කහ කිලෝවක්‌ රු.700-800 ක්‌ දක්‌වා මිල ඉහළ ගොස්‌ ඇති බැවින් පාරිභෝගික ජනතාවට කහකුඩු අලෙවි කරන්නේ පාන් පිටි මිශ්‍රකර බැවින් මේ පිළිබඳව ජනතාවගේ විශේෂ අවධානය යොමුවිය යුතු බවත් කූට වෙළෙඳුන් නීතියේ රැහැනට අසුකර ගැනීමට ජනතා සහය අත්‍යවශ්‍ය බවත් පවසා සිටියේය.

වෙළෙඳ පොළෙන් කහ කුඩු මිලදී ගැනීමේදී ඉතා විශ්වාසදායි වෙළෙඳ ආයතන වලින් සහ තුනපහ කොටන ස්‌ථාන වලින් පමණක්‌ මිලදී ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all