Photobucket

Thursday, January 10, 2013

ඔස්ට්‍රේලියාවේ ළැව් ගිනි තවදුරටත්

ඔස්ට්‍රේලියාවට මේ දිනවල බලපැවැත්වෙන දැඩි උෂ්ණත්වයත් සමඟ දරණු ළැව් ගිනි පැතිර යමින් තිබේ.
ඊයේ පැවැති වඩා සෙම්‍ය කාලගුණය හේතුවෙන් ගිනි නිවන හමුදාවන්ට ළැව් ගිනි පාලනය කිරිම තරමක් පහසු වුවත් ලැව් ගිනි 30ක් පමණ තවමත් පැතිරෙන බව සඳහන් වේ.

ළැව් ගිනි හේතුවෙන් නිවාස කිහිපයක් විනාශ වි ඇති අතර සතුන් දස දහස් සංඛ්‍යාවක් පමණ මිය ගොස් ඇත.

නිව් සවුත් වේල්සයට බලපා ඇත්තේ ඉතිහාසයේ දරුනුතම ගින්න බව පැවැසේ. අගහරුවාදා සිඩ්නි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් වු අතර උෂ්ණත්වය අංශක 45 දක්වා වැඩි වනු ඇතැයි අනාවැකි පළකර තිබේ.

නිව් සවුත් වේල්ස් හි පැතිරී ගිය ගිනි140ට වැඩි ගණන නිවා දැමිමට ගිනි නිවන භටයන් 2000ක් යොදවා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all