අන්තර්ජාල
"කේස්" භාවිතය පිළිබඳ රට ලැබූ අපකීර්තියේ වගකීම තරුණ පරපුර මත පමණක් පැටවිය යුතු
නැතැයි යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
අන්තර් ජාලයේ වැඩියෙන්ම සේක්ස යන වචනය සර්ච් කරල තිබෙන්නේ ශ්‍රී ලංකාව බව පසුගියදා
පුවත්පත් වාර්තා කළ අතර මේ පිළිබඳව අපේ රට සැකයෙන් බලන්නේ තරුණයා දිහා බවත්
අලහප්පෙරුම මහතා කියා සිටියේය.
මාතර, වල්ගම දකුණු පළාත් යෞවන නාට්‍ය තරගාවලියේ සහ දිස්ත්‍රික් තරගාවලියේ සම්මාන සහ සහතිකපත් ප්රදානය කිරිමෙන් අනතුරුව පැවති උත්සවයේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැති ඩලස් අලෙහප්පෙරුම මහතාá
ඉතිහාසයේ යෞවන සමාජ නියෝජනය කළ තරුණයෙක් අද යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස පත්ව සිටිනවා. අද අපේ රටෙ aතරුණ ගහණය සියයට 26 යි. මෙවැනි තත්ත්වයක් රටකට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. ජනගහණය පිළිබඳව ලෝක විශේෂඥයන් පෙන්වා දෙන්නේ රටක තරුණ ගහණය සියයට 25 ක් වීම රටකට ලැබෙන බෝනස් එකක් විදියටයි. ලෝකයේ සෑම දියුණු රටක්ම සංවර්ධනයවී තිබෙන්නේ ඒ රටේ තරණ ගහණය සියයට 25 ක් ඉක්ම වූ අවස්ථාවේදීයි. 2032 වසර වන විට අපේ රටේ වැඩිහිටි ගහණය වැඩි වෙනවා.
ඕනෑම රටකට තරුණ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. නොදියුණු කලාපයේ රටවල පවා එහෙම එකක් තිබෙනවා. නමුත් දකුණු ආසියාවේ තරුණයා පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නැති එකම රට ශ්‍රී ලංකාවයි. මේ වන විට එහි වැඩකටයුතු ආරම්භ කර අවසන්.
අපි හැම විටම තරුණයාට ඇඟිල්ල දික් කරන්න පුරුදු වෙලා තිබෙනවා. තරුණයා පමණක් විත්ති කූඩුවට නග්ගන්නේ නැතිව ඔවුන් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. එසේ නොවුණහොත් ඔවුන් ඊළඟ පැයේදී අන්තවාදී දේශපාලන පක්ෂවල ගොදුරු බවට පත්වෙනවා. මබ්මි නැත්නම් මරණය, දනින් වැටී ජීවත්වෙනවාට වඩා දෙපයවින් නැගී සිට මිය යැම වැදගත්, කියලා තුවක්කු අරන් පොලිසියට පහර දුන්නේ, ඊළාම් සටනට ජය වේවා කියලා සයිනයිඩ් කරල බෙල්ලේ එල්ලගෙන යුද වැදුණේ තාරුණ්‍ය තේරුම් ගැනීමට වැඩිහිටියන් අසමත්වීම නිසයි.
නමුත් අද අපේ රටේ තරුණයාට ආදර්ශනයට ගත හැකි වැඩිහිටියන් ඉන්නවාද? වයස 70 ක චීවර ධාරියා පුංචි දැරියට සල්ලාලකම් කරනවා. බෙහෙත් ගන්න ගිය අම්මාට අතවර කරන ජීවකයන් පිළිබඳව අපි අහලා තිබෙනවා. දරුවා පාසලටදාගන්න උත්සාහ කරන අම්මාට අයුතු යෝජනා කරන දිසාපාමොක්ලා, විත්ති කූඩුවේ ඉන්න ස්වාමියාට ඇප දෙන්න වෙනත් කාරණාවලට බිරිඳට කථා කරන අධිකරණ උතුමන්ලා පිළිබඳව අපි අහල තිබෙනවා. ටියුෂන් පන්තියේ ඒ සාමාර්ථ ගණන වැඩි කර ගන්න ප්‍රශ්න පත්‍ර විකුණපු මාස්ටර්ලා අපි අතර ඉන්නවා. මේ දේවල් නිතර අහන දකින සමාජයේ තරුණයාට පමණක් ඇඟිල්ල දිගු කර ඵලක් නැහැ.
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් සමන් කුමාර රණවීර, මාතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ සභාපති ගොයුම් ප්‍රභාත් රූපසේන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

0 comments:
Post a Comment