Photobucket

Wednesday, January 2, 2013

වියළි ශාක පත්‍රවලින් ලස්සන මල් පොකුරු

විවිධ වර්ණවල කඩදාසි, වියළි ශාක පත්‍ර සහ හනසු උපයෝගී කරගෙන ස්වයං රැකියාවක් වශයෙන් විසිතුරු මල් පොකුරු හදන ශිල්පිනියක් හොරණ, දික්හේනපුර පදිංචිව සිටී. ඇය අශෝකා මල්කාන්ති කුලරත්නය.
ඇය මේ මල් සෑදීමේ කර්මාන්තය පටන් ගෙන දැනට වසර පහළොවක් පමණ වේ.

 ඇය මෙසේ කීවාය.

මගේ පියා ගිරාගම ගුරු ඇබෑසි විදුහලේ සේවය කරද්දී වෘත්තියට අමතරව චිත්‍ර ඇඳීම ද කළා. මගේ නිවසේ ඇති ලස්සන චිත්‍ර සියල්ලම පියා විසින් පින්සලෙන් හැඩ ගැන්වූ ඒවා. පාසල් වියේ පටන්ම මමත් චිත්‍ර අඳින්න හරි කැමැතියි. මම ඇන්ද චිත්‍රවලට විවිධ මල් වර්ග ද ඇතුළත් කළා. 

චිත්‍රවල අඳින මල් වෙනුවට විවිධ හැඩතල ඇති මල් පොකුරු නිර්මාණය කළහොත් ස්වයං රැකියාවක් වශයෙන් මේ කලා කර්මාන්තය දියුණු කරන්නට හැකිවේයැයි මට අදහසක් ආවා. ඉන්පසු මම කෘත්‍රීම මල් හදන්නට පටන් ගත්තා.

විවිධ නිර්මාණයන් දැන් බිහි කරනවා. බිත්ති සැරසිලි මංගල උත්සව මල් සැරසිලි නිවාසවලට අවශ්‍ය මල් පෝච්චි ඒ අතර වෙනවා. මෙයට අමතරව උපන් දින සුබ පැතුම්පත්, කාන්තා අත්බෑග්, අත් පිස්නා හා ගුරු උපහාර කාඩ්පත් ද මා කලාත්මකව නිර්මාණය කරනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all