Photobucket

Wednesday, January 2, 2013

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ පාකිස්තාන සංචාරය අත්හිටුවයි

තම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් පාකිස්තාන ක්‍රිකට් සංචාරය අත්හිටුවීමට තීරණය කළ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේය.

දෙපිල අතර විස්සයි20 තරගයක් සහ එක්දින තරගයක් පාකිස්තානයේ ලා‍හෝර් නගරය කේන්ද්‍ර කරමින් ලබන 12වැනිදා සහ 13වැනිදා පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණත් බංග්ලාදේශ ජනතාවගේ බලවත් විරෝධතා මධ්‍යයේ එම සංචාරය මෙසේ අත්හි‍ටවනු ලබන බව එරට ක්‍රිකට් බළධාරීහූ වැඩිදුරටත් පැවැසීය.
2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවර දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානය අන්තර් ජාතික ක්‍රීඩාවට තහනම් කලාපයක් විය.

'බංග්ලාදේශ පිල පාකිස්තානයට මේ මොහොතේ යන්නේ නෑ. එරට සමස්ත ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් අපි මේ තීරණයට එළැ‍ඹුණා. 

ඒ වගේම අපේ රටේ ජනතාවත් ඊට දැඩි විරෝධතාවක් පළ කරනවා.' බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නසීමුල් හසන් මාධ්‍යවේදින්ට එසේ පැවැසීය‍.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all