Photobucket

Wednesday, January 2, 2013

ළමුන් 70%කට නින්ද නැහැ

මොළයේ නිදිගන්වන කොටස  නිසි පරිදි ක්‍රියාත්මක නෑ

ළමයින්ගෙන් සියයට 70ක් දෙනා නින්ද නොයෑමේ මානසික තත්ත්වයකින් පෙළෙන බව ළමා ස්නායු රෝග වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කරයි. මෙවැනි දරුවන්ගේ මොළයේ නිදි ගන්වන කොටස නිසි පරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි හෙතෙම කීය. 

 නින්ද නොයෑමේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් එය බරපතළ ස්නායු රෝගයන්ට හේතුවක් විය හැකි බවත් ළමා රෝග විශේෂඥවරයා පෙන්වා දෙයි. ඒ අනුව මේ වසර තුළදී නින්ද නොයෑම පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට විදේශීය විශේෂඥ දැනුම හා ඖෂධ ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇතැයි වෛද්‍ය පාදෙනිය මහතා සඳහන් කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all