Photobucket

Wednesday, January 2, 2013

රාජ්‍ය බැංකුවලට පොලු තබා විදෙස්‌ ආයෝජක පිරිසක්‌ රට පැනලා

රාජ්‍ය බැංකුවලින් රුපියල් කෝටි පන්සියයකට අධික ණය ලබා ගෙන ආයෝජන කලාපය තුළ ඇඟලුම් කම්හල් පවත්වාගෙන ගොස්‌ හිටිහැටියේම එම කම්හල් වසා දමා විදෙස්‌ රටවලට පැනගොස්‌ සිටින එම ආයතන ප්‍රධානීන් සම්බන්ධව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

බියගම, නිට්‌ටඹුව, කටුනායක ඇතුළු ආයෝජන කලාපය තුළ විදේශිකයන් පවත්වාගෙන ගිය ඇඟලුම් කර්මාන්ත ශාලා දහයක්‌ (10) මෙසේ වසා දමා ඇති බව කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා "දිවයින" ට පැවසීය.

රුපියල් කෝaටි ගණනක බැංකු ණය නොගෙවා, සේවකයන්ට වන්දි නොදී රට හැරගොස්‌ සිටින මෙම පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පුළුල් පරීක්‍ෂණ මේ වනවිට ආරම්භ කර තිබෙන බව හෙතෙම කීය.

සුළු මුදලක්‌ රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි මෙම විදේශිකයන් ඇතැම් බැංකුවලට අසත්‍ය ලේඛන ඉදිරිපත් කර ණය ලබාගෙන ඇති බවට හෙළි වී තිබේ. මෙම ජාත්‍යන්තර ඇඟලුම් කම්හල් ප්‍රධානීන්ට ණය ලබාදීමේදී ඇතැම් බැංකු ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක්‌ සිදු කර නොමැති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් කීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all