නුගේගොඩ නගරයේ පවතින සුපිරි වෙළෙඳ සංකීර්ණය වෙනුවට තට්ටු හතකින් සමන්විත නව
සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට ලබන වසරේ මුල්ගල් තබන බව කෝට්ටේ මහ නගර
සභාවේ නගරාධිපති ජනක රණවක මහතා නගර සභාවේ පැවැති සාකච්ඡාවකදී කියා සිටියේය.
සිංගප්පූරු වෙළෙඳ සමාගමක් සමඟ ඒකාබද්ධව නගර සභාව මඟින් මෙම සුපිරි වෙළෙඳ
සංකීර්ණය ඉදිකරන අතර, දැනට පවතින වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සැල් හිමිකරුවන්ටද
මෙහි ඉඩ පහසුකම් ලබාදීමට ප්‍රමුඛතාවය ලැබෙන බවද රණවක මහතා කීය.
වැලිකඩ මහජන පුස්තකාල භූ®මියේද නගර සභාව මඟින් මහල් හතරකින් යුත්, කාර්යාල
ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද පියවර ගෙන ඇතැයි ද නගරාධිපතිවරයා
වැඩිදුරටත් කියා සිටියේය.
කෝට්ටේ මධ්‍යම සමූහ - නන්ද ඒකනායක
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment