ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රීමා 15 පහළ අන්තර් දිස්ත්‍රික්ක
ක්‍රිකට් තරගාවලියට මාතර දිස්ත්‍රික් කණ්ඩායම පසුගියදා නම් කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාතරට දායාද කළ මැද තණතිළි 12 සහිත ජාත්‍යන්තර
මට්ටමේ ක්‍රීඩා පිටියක් තිබුණ ද කණ්ඩායම තේරීමට එකම පුහුණු තරගයක්වත්
නොපවත්වා තේරීම් සඳහා පමණක් එක් පැත්තකින් ආරක්ෂිත දැලක් ගැසූ මැද තණතිල්ලක්
භාවිතා කරමින් ක්‍රීඩකයන් තෝරාගැනීම කනගාටුදායක කරුණකි.
සාන්ත සර්වේශස් විදුහලේ රන්දික ද සිල්වා ගේ නායකත්වයෙන් අශේන් දීමන්ත, රමේශ්
නිමන්ත, හරිප්රිය ද සිල්වා, රජන්ත චන්දුල, කවිදු උමේශ්, තරිදු මදුරංග සහ චතුර
ජයවික්‍රම (සාන්ත සර්වේශස්), තිළිණ මානගේ, යසිරු හේවානාදුගල, අවිදු ප්රබුද්ධ
(රාහුල විද්‍යාලය), සිතිර සමරවික්‍රම, අකිල තිවංක, අකලංක විස්වනාත්, අනුරාධ
පතිරණ, නිපුන් අචලංක (සාන්ත තෝමස් ) උශාන් අචිදු, නලීන් මධූෂ (විජිත විද්‍යාලය),
පසිදු ප්‍රබෝධ (මාතර මහ විද්‍යාලය) සහ ප්‍රදීප් මදුසංක(දෙනියාය මධ්‍ය මහ
විදුහල) ගෙන් මේ කණ්ඩායම සමන්චිතය.
ප්‍රියාන් ද සිල්වා - මාතර ක්‍රීඩා
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment