Photobucket

Thursday, December 6, 2012

පුල්මුඩේ මුහුදේදී ඇල්ලූ ඉන්දීය ධීවරයෝ රිමාන්ඩ්

මුහුදු සීමා උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ ත්‍රිකුණාමලය පුල්මුඩේ මුහුදේ මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියට භාරදී අධිකරණය හමුවට පමුණුවන ලද ඉන්දීය ධීවරයන් 40 දෙනා ලබන 10 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය වැඩබලන මහෙස්‌ත්‍රාත් තිරු චෙල්වනායගම් මහතා පෙරේදා (4 දා) නියෝග කළේය.

ඔවුන් පැමිණි ට්‍රොaලර් යාත්‍රා 5 ත්‍රිකුණාමලය නාවික හමුදාව භාරයේ ආරක්‍ෂා සහිතව එම මුහුදු තීරයේ රඳවා තබන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

දකුණු ඉන්දියාවේ නාගපට්‌ටම් හා කාර්කිරෙයි යන වරායවලින් පැමිණ ඇති මෙම ධීවරයන් හා ට්‍රොaලර් යාත්‍රා 5 පුල්මුඩේ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය නි. පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතාගේ නියෝග මත කොට්‌ඨාස භාර පො.අ. බන්ධුල විඡේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් වරාය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. උපාලි නාරම්පනාව මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. ආනන්ද මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

කන්තලේ -
ඩබ්. ඇම්. වික්‍රමසිංහ සහ ත්‍රිකුණාමලය -
සමන් මල්ලවආරච්චි
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all