Photobucket

Wednesday, January 2, 2013

ජාතික බොක්සිං පුහුණුකාර තනතුර වසන්ත කුමාරට

දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු ලෙස ස්ලිම් ලයින් බොක්සිං පිලේ පුහුණුකරු වසන්ත කුමාර මහතා පත්වී සිටියි. 

මහනුවර දී පසුගියදා පැවැති ජාතික බොක්සිං ශූරතාවලියේ ජය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බොක්සිං සංචිතයට ඇතුලත් වෙති.

දකුණු ආසියා ක්‍රීඩා උළෙල ලබන මස ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිතව තිබෙන අතර ඉන්දියා ඔලිම්පික් නිලවරණයේදී දූෂණ වංචා චෝදනා එල්ලවී තිබෙන පුද්ගලයන් ඉහළ තනතුරුවලට පත්වීමේ හේතුවෙන් එරට ඔලිම්පික් සංගමය අන්තර් ජාතික ඔලිම්පික් සංගමයේ තහනමට ලක්වීමෙන් ක්‍රීඩා උළෙල පැවැත්වීම සම්බන්ධව මේ වනවිට විවිධ මත පලවී තිබේ.

ඒ ඇතැම් පුද්ගලයන් එරට ආධුනික බොක්සිං සංගමයේ ද තනතුරු දරන බැවින් පසුගියදා එම සංගමය ද ලෝක බොක්සිං සම්මේලනයේ තහනමකට ලක්විය.

කෙසේ වෙතත් දකුණු ආසියා ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් පන්නල ස්ලිම් ලයින් බොක්සිං වළල්ලේ දී ලබන සතියේ ජාතික බොක්සිං සංචිතයේ පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all