Photobucket

Wednesday, January 2, 2013

චෙක් මරණය අභිරහසක්:

රැල්ලට ගිය ජර්මන් කතට පොලිස් පිහිට
හික්කඩුව බණ්ඩාරවත්තේ දේශි විලා නැමති සංචාරක හෝටලයක කාමරයක් තුළ චෙක් රාජ්‍යයේ සංචාරකයෙකු අභිරහස් ලෙස මිය යාමක් ගැන හික්කඩුව පොලිස් විමර්ශන ආරම්භකර තිබේ. හස්ටර් ජොසප් නමැති හැට හැවිරිදි සංචාරකයෙක් එසේ අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ (01) දිනයේදී ය. ඉකුත් දෙසැම්බර් 16 වෙනිදා ලංකාවට පැමිණ ඇති ඔහුගේ මරණයේ අභිරහස විසදීමට පශ්චාත් මරණ පරීක්ෂණයක්  (02) කරාපිටිය රෝහලේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර ත්‍රිකුණාමල උප්පවේලි මුහුදේ දිය නාමින් සිටිය දී රැල්ලකට ගසා ගෙන යමින් සිටි ජර්මන් ජාතික සංචාරක කාන්තාවකගේ දිවි බේරා ගැනීමට උප්පවේලි පොලිස් ජීවිතාරක්ෂක ඒකකය (01) සවස සමත්ව ඇත. පනස් පස් හැ‍විරිදි ඇය මිතුරියන් කිහිප දෙනෙකු සමඟ උප්පවේලි ඇලස්වත්තේ ලෝටස් පාර්ක් ‍හෝටලය අසල වෙරළ තීරයෙන් මුහුදට බැස ඇතැයි පොලිසිය කියයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all