අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවන ප්‍රදේශවල පදිංචි ජනතාව වහාම
සුදුසු ස්ථානවල පදිංචි කරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
උතුරුමැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් මහතාට උපදෙස් ලබාදී තිබේ.
අධික වැසි
හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් නැවතත් ගංවතුරෙන් යටවී
ජනතාව අසරණ තත්ත්වයට පත්ව සිටිති. මේ නිසා මල්වතු ඔය දෙපස, කලාඔය දෙපස,
හොරොව්පතාන ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව අවතැන්ව සිටිති.
ජල ගැලීම් හේතුවෙන් අනුරාධපුර ගඟබඩ මාවතෙහි අවතැන්වූ පවුල් හැත්තෑ
දෙකක් සඳහා වහාම සහන සැලසීමට උතුරු මැද මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා
පියවර ගත්තේය. මෙයින් පවුල් 48ක් අනුරාධපුර මහින්ද විද්‍යාලයේ තාවකාලිකව
ලැගුම් ගෙන සිටින අතර එහි ගිය මහ ඇමැතිවරයා වියළි ආහාර ඇතුළු අවශ්‍ය පහසුකම්
සැලසුවේය.
මෙයට අමතරව පූජා භූමියේ, යාපනය හන්දිය, මල්වතු ඔය පාලම අසල කූඩාරම්ගසා අවතැන්
වූවන් පදිංචි වී සිටින ස්ථානයටද ගිය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා අවශ්‍ය
පහසුකම් සැලසුවේය.
මෙහිදී පාසල් ළමුන්ට අවශ්‍ය සියලු උපකරණ ලබාදීමට තොරතුරු ලබාදෙන ලෙසද
ඇමැතිවරයා දැන්වූ අතර ජනාධිපතිතුමා සහ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත
වහාම එම ප්‍රදේශවල ජනතාව කටුකැලියාව ප්‍රදේශයේ පදිංචිකරවීමටද ජල
ගැලීමට හසුවන ඉඩම් වගාවන් සඳහා වෙන් කරන බව පැවසීය.
මහ ඇමැතිවරයා දිස්ත්‍රික්කයේ සියලු අවතැන් කඳවුරු කරා යමින් අවශ්‍ය පහසුකම්
සැපයීම (9) සිදු කළේය.
0 comments:
Post a Comment