ජාතික ක්‍රීඩා සංචිතවල සිටින ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට
විශේෂ දීමනාවක් ලබාදීම පිළිබඳ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ
අවධානය යොමුව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
සාග් ජාතික සංචිතය ඉලක්කරගෙන ක්‍රීඩා ඉසව් 22ක් සඳහා ජාතික සංචිත පිහිටුවා ඇති
අතර ඉන් මලල ක්‍රීඩා ජාතික සංචිතයේ සිටින දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ
වනවිට දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති අතර සාග් ජාතික සංචිතය නියෝජනය කරන
අනෙකුත් ක්‍රීඩා ඉසව් සඳහා වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම්, ආහාර
හා වෛද්‍ය පහසුකම් ලබාදීමට අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මේ යටතේ සාග් තරගාවලිය සඳහා පිහිටුවන සංචිත 22 ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා
රු10000 සිට 35000දක්වා ලබාදීමට අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ. සාග්
තරගාවලියට තෝරාගත් ඉසව් සඳහා මේ වනවිට විදේශ පුහුණුකරුවන් ලබාදී ඇති අතර
ඉදිරියේදී තවත් ඉසව් කිහිපයක් සඳහා විදේශ පුහුණුකරුවන් ලබාදීමට ක්‍රීඩා
ඇමැතිවරයා උපදෙස් ලබාදී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ක්‍රීඩා සංගම් ඉල්ලා ඇති යටිතල පහසුකම් හා ක්‍රීඩා උපකරණ ලබාදීමට රු.මිලියන
25ක මුදලක් අමාත්‍යංශය ලබාදී ඇති අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පරිසාධන මට්ටම
ප්‍රවණතා මත දීමනා වැඩි කිරීමටද ක්‍රීඩා අමාත්‍යංශය බලාපොරොත්තු වේ.
0 comments:
Post a Comment