වසර 5යි
මාස 8ක්ම
හිරේ
* ලොව නන්දෙසින් කළ ඉල්ලීම් අහකට
* ෂාරියා නීතියට අනුව දඬුවම් කරලා
සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටියදී බිලිඳකුගේ මරණය සම්බන්ධයෙන් එරට
අධිකරණය මගින් වැරැදිකාරිය කළ රිසානා නෆීක් නමැති ශ්‍රී ලාංකීය ගෘහ සේවිකාව (9) ගෙල සිඳ මරා දමා ඇති බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය තහවුරු කළේය.
2005 මැයි 04 වැනි දින එවකට වයස අවුරුදු 17 ක් වූ රිසානා නෆීක් දැරිය සිය පවුලේ
අගහිඟකම් හේතුවෙන් සෞදි ආබියේ ගෘහ සේවය සඳහා පිටත් වූවාය.
ඒ සිය නියම වයස වෙනස් කර වයස 18 ක තරුණියක් ලෙසයි.
ඕමාර් ට්‍රැවල්ස් ආයතනය මගින් රිසානා නෆීක් දැරිය විදේශ සේවය සඳහා පිටත් කර යවා
තිබුණි.
මුතූර් හි සාෆිනගර් හි අංක 243 දරන නිවසේ පදිංචිව සිටි රිසානා
සහෝදරියන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූවාය. සාෆිනගර් විද්‍යාලයේ 9
වන වසර දක්වා අධ්‍යාපනය ලැබූ රිසානා පවුලේ අග හිඟකම් හේතුවෙන් විදේශ ගත වූවාය.
මුහම්මදු සුල්තාන් නෆීක් (47) ඇයගේ පියා වන අතර සයිදු අහමදු රෆීනා ඇගේ මව වන්නීය.
සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී මාස 04 ක බිලිදකු කිරි
සිරවීම නිසා රිසානා අතින් මෙම බිලිඳා මිය ගොස් ඇතැයි පවසනු ලැබේ.
පසුව එරට අධිකරණය මගින් ෂර්යා නීතියට අනුව ඇය වැරදිකාරිය කරමින් ඇයට මරණ
දඬුවම නියම කළේය. ඒ 2007 මැයි මස 30 වනදා ය. පසුව මෙම මරණ දඬුවම ක්‍රියාත්මක
නොකරන්නැයි ලොව විවිධ සමාජ සංවිධාන මෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එරට
රජයෙන් ඉල්ලා සිටියහ.
ෂරියා නීතියට අනුව රිසානා ගේ මරණ දඬුවම ක්‍රියාත්මක
නොකිරීමට නම් බිලිඳාගේ මවුපියන්ගේ අවසරය ලබා ගත යුතුම බව ද සෞදි රජු විසින්
දන්වා තිබුණි. කෙසේ වෙතත් 2007 මැයි මස සිට වසර 5 කුත් මාස 08 ක් සිරගතව සිටි
රිසානා (09) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.40ට පමණ සෞදි අරාබියේදී ගෙල සිඳ
මරණට පත් කර තිබේ.
මේ වන විට රිසානාගේ මුතූර් හි පිහිටි නිවසට ගම්වැසියන් දහසකට වැඩි පිරික්
පැමිණ ශෝකය ප්‍රකාශ කර තිබෙන අතර රිසානාගේ පියා රෝගාතුර වී මුතූර් රෝහලට ඇතුළත්
කර තිබේ.
0 comments:
Post a Comment