Photobucket

Wednesday, January 9, 2013

කුරානය කටපාඩමින් නුදුන්නැයි පහරදී සිඟිති පුතු මැරූ මව 17 වසරක් හිරේට

කුරානය කටපාඩම් කර ගැනීමට නොහැකි වීම නිසා සිය හත් හැවිරිදි පුතුට මැරෙන තුරු පහර දුන් මවක වරදකාරිය බවට පත් කළ බ්‍රිතාන්‍ය අධිකරණයක් පෙරේදා ඇටය 17 අවුරුදු සිර දඬුවමක් නියම කළේය.

මේ මව ඉන්දියානු ජාතික 33 හැවිරිදි සාරා ඊගේ නමිය. ඇය ගණිත උපාධිධාරිනියකි. 2010 ජූලි මාසයේ දිනෙක ඇය සිය පුතු යසීන්ට කෝටුවකින් පහර දී තිබුණේ කුරානය මතකයෙන් කීමට අපොහසත් වීම නිසාය. පහර දීමෙන් පුතු මිය ගිය පසු ඇය ඔහුගේ මළ සිරුර පුළුස්සා දමා ඇත.

දඬුවම් නියම කළ අවස්ථා‍වේ ඇය උසාවිය තුළ ඇද වැටුණු අතර ඉකිගසමින් සිටිනු දක්නට ලැබී ඇත.

ඇය දිගු කාලයක් තිස්සේ මේ කෲර ක්‍රියාවේ නිරතව ඇති බවත් තෙමසක් තිස්සේ ම දරුවාට වරින්වර පහරදී ඇති බවත් තහවුරුව ඇතැයි විනිසකරු පැවැසීය. 

ඒ සමඟම ඇය දිගු කාලයක සිට විශාදියෙන් පෙළෙන්නියක බවට නැඟුණු මතය විනිසකරු පිළිගෙන තිබිණ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all