Photobucket

Wednesday, January 9, 2013

හදිසිතත්වයකට මුහුණ දෙන්න කැලණියට කැරළි මර්ධන ඒකකයත් ගෙන්වයි

සාහසිකයකුගේ වෙඩි පහරින් මරණයට පත් වූ කැලණිය ප්‍රාදේශිය ‍සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී හසිත මඩවල මහතාගේ අවසන් කටයුතු සිදුකරන (09) කැලණි‍ය වරාගොඩ අවට ප්‍රධාන මාර්ග රැසකම පොලිස් නිලධාරින් ආරක්ෂාව සඳහා යොදවා ඇත. කැලණිය,වරාගෙඩ පිහිටි ඒ මහතාගේ නිවසේ දී දේහයට සවස 01.00 ට පමණ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු කැළණිය ප්‍රාදේශිය සභාවට රැගෙන ගොස් මහජන ගෞරව සඳහා තබන අතර ඉන්පසු පිලපිටිය සුසාන භූමිය වෙත රැගෙන ඒමට නියමිතය. 

හසිත මඩවල මහතාගේ දේහය රැගත් අවමගුල් පෙරහැර ගමන් කරන වරාගෙඩ, හුංගමුගොඩ,තොරණහන්දිය,බුලුගහ හන්දිය, කැලණිය පිලපිටිය ප්‍රධාන මාර්ගයට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇත. අවමගුල් පෙරහැරේ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරින් රැසක්ම (09) පෙරවරු 7.00 ට පමණ කැළණිය පොලිස් ස්ථානයට පැමිණ සිටියද එහිදී උසස් පොලිස් නිලධාරින් ලබා දුන් උපදෙස් මත පොලිස් නිලධාරින් ප්‍රධාන මාර්ගවලට ආරක්ෂාව සඳහා යොදවා ඇත. 

කැලණිය, කිරිබත්ගොඩ, පෑලියගොඩ, බියගම, වත්තල, කඩවත ඇතුළු පොලිස් ස්ථාන රැසකින් පොලිස් නිලධාරින් පැමිණ තිබේ. මෙයට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා තිබේ. කැලණිය ශ්‍රී.ල.නි.ප සංවිධායක අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ කැලණිය හුංගමුගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලයට ද පොලිස් ආරක්ෂාව යොදවා ඇත. හදිසි තත්වයක් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා පොලිස් කැරලි මර්ධන ඒකකය සිරුවෙන් තබා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all