Photobucket

Thursday, December 6, 2012

බස්‌ රියේ පාපුවරුවෙන් බිමට වැටී තරුණයා මරුට

බස්‌ රථයෙන් බැසීමට පා පුවරුව අසලට පැමිණෙමින් සිටි ඡායාරූප ශිල්පියෙකු ඉන් ඉවතට විසිවී ඉබ්බාගමුව නගර මධ්‍යයේදී මරණයට පත්වී ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස්‌ ඇත්තේ ඉබ්බාගමුවේ පදිංදිව සිටි ගයාන් ප්‍රියන්ත (25) නමැති තරුණයෙකි. ඔහු කොළඹ ප්‍රදේශයේ උත්සවයකට ගොස්‌ නැවත නිවස බලා එමින් සිටියදී ඉබ්බාගමුව නගරයේදී බස්‌රථයෙන් බැසීමට පාපුවරුවට පැමිණ ඇත. එවිට බස්‌ රථය වංගුවක්‌ හරවමින් සිට ඇති අතර එහිදී තරුණයා බසයෙන් ඉවතට විසිවී බරපතළ තුවාල ලබා ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස්‌ තිබේ.

මියගිය තරුණයාගේ හදිසි මරණ පරීක්‍ෂණය ඉබ්බාගමුව හදිසි මරණ පරීක්‍ෂක ඩී. එම්. එස්‌. කේ. දහනායක මහතාගේ මූලිකත්වයෙන් ගොකරැල්ල දිසා රෝහලේදී ඊයේ (5 දා) පැවැත්විණි.

බස්‌රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ගලේවෙල - මොහමඩ් බුහාර්ඩීන්
දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all