අමෙරිකා
අභ්‍යවකාශ
මධ්‍යස්ථානය කියයි
වසර 2020 දී අඟහරු ග්‍රහයා වෙත තවත් රෝවර් යානයක් යැවීමට නාසා ආයතනය කටයුතු
කරන බව අමෙරිකන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අමෙරිකන් ඩොලර් බිලියන 1 .5ක් වැය වනු ඇතැයි ගණන් බලා
තිබේ .
මේ ආකාරයෙන් සැරසෙන්නේ රතු ග්‍රහයාට මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයක් යැවිමේ
අරමුණ ඇතිවයි. නාසා ආයතනය මෙම නිවේදනය නිකුත් කළේ කියුරියෝසිටි රෝවරයෙන්
ලබාගත් ප්‍රථම පස් සාම්පලය පරීක්ෂා කිරිමෙන් පසුව එහි ප්‍රතිඵල නිකුත් කළ දිනට
පසු දිනයි .
අඟහරු ග්‍රහයාගේ ජිවත්වීමට සුදුසු පරිසරයක් ඇති බවට ඒත්තු යන ජල සහ
ඔක්සිජන් සංඝටක මෙම පස් සාම්පල වල තිබු බවට අනාවරණය කරගෙන තිබේ .
අඟහරු ග්‍රහයා ගවේෂණය කිරිමේ සංකීර්ණ වැඩසටහනක් දියත් කිරීමට ඔබාමා
පරිපාලනය ඇපකැපවි සිටින බව නාසා පරිපාලක චාල්ස් බෝල්ඩන් පවසයි. වසර 2030 දී
මිනිසුන් සහිත යානාවක් අඟහරු ග්‍රහයා වෙත යැවිමට ඇමෙරිකාවේ ඉලක්කයයි.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
චිකාගෝ හි දි ඒ - එෆ් - පි
0 comments:
Post a Comment