Photobucket

Thursday, December 6, 2012

පිංකම අතරේ පොලිස් අධිකාරිගේ ගේ සුද්ධ කරලා

තලාව පොලිස් සේවස්ථ පුහුණු පාසලේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි තිස්ස ලාල් මහතාගේ දෙමහල් නිවසට ඊයේ සන්ධ්‍යා‍වේ ඇතුළු වූ සොරෙක් එම නිවසේ අල්මාරිවල තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් ආභරණ සහ රුපියල් 500 නෝට්ටුවක් සොරා ගෙන ගොස් තිබේ. 

 මෙම සොරකම වී ඇත්තේ අනුරාධපුරය,යාපනය හන්දියේ පිහිටි නාගදීප මාවතේ නිවසේදී ය. ඊයේ සවස 5-7ත් අතර කාලයේ දී සහකාර පොලිස් අධිකාරිවරයා නිවැසියන් සමග අනුරාධපුරයේ ජය ශ්‍රි මහා බෝධියේ පිංකමක් සිදුකිරීම සඳහා ගොස් ඇත. එම කාලයේ දී නිවසේ ජනේලයක් කඩා ගෙන සැකකරු ඇතුළු වී තිබේ. මොහු සොරකම් ගැන මනා පළපුරුද්දක් ඇත්තෙකු බවක් කිසිම ඇඟිලි සළකුණක් සිද්ධිය වූ නිවසින් සොයා ගන්නට නොහැකි වූ බවත් ආරංචි මාර්ග පවසයි. අපරාධ අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ෂණ අංශය දැඩි පරීක්ෂණ ආරම්භ කර ඇත.

 ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all