අමාත්‍යංශ
වැය ශීර්ෂ විවාදයට ගන්නා අවස්ථාවේ විෂයභාර ඇමැතිවරුන් හා නියෝජ්‍ය
ඇමැතිවරුන් සභාවේ නොමැති නම් සභාව කල්දමා පිටව යෑම උචිත බව කථානායක චමල්
රාජපක්ෂමහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.
අමාත්‍යංශ
14ක වැය ශීර්ෂ විවාදයට ගන්නා අවස්ථාවේ සභා ගැබෙහි විෂයභාර ඇමැතිවරුන්
නොසිටීම නිසා කථානායකවරයා මේ බව කියා සිටියේය.
විවාදය ආරම්භ කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා
අදහස් දක්වමින් සිටියදී ඔහුගේ කතාව මදකට නතර කර කථානායකවරයා මෙසේ සඳහන්
කළේය.
කථානායක - පාර්ලිමේන්තුවේ අද දිනයේ අමාත්‍යංශ 14 ක් විවාදයට ගන්නවා. එහෙත් විෂය භාර ඇමැතිවරු එක් කෙනෙක්වත් නෑ.
මේ අවස්ථාවේදී සභා ගර්භයේ සිටි කෙහෙළිය රඹුක්වැල්ල, පියංකර ජයරත්න, මහින්ද සමරසිංහ, ගාමිණී ලොකුගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න යන ඇමතිවරුද, සිරිපාල ගම්ලත් හා ගිතාංජන ගුණවර්ධන යන නියෝජ්‍ය ඇමැතිවරුද තමන් සභාවේ සිටින බව දැනුම් දීමට අපි ඉන්නවා..... අපි ඉන්නවා...... යයි කියමින් අත් එසවූහ.
කථානායක - ඒත් ඉන්නේ හතර දෙනයිනේ... විවාදයක් කරද්දී මෙතන කියන දේ අහන්න ඉන්න ඕනේ...ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ඉන් ඕනේ.... මෙහෙම විවාදයක් කරනවාට වඩා හොදයි කල්දාලා යන එක....
තිස්ස අත්තනායක මහතා :ඔබතුමාම එය දැකපු එක හොඳයි... මේ වෙලාවේ ආණ්ඩුව පැත්තේ ඉන්නෙත් එක්සත් ජාතික පක්ෂයෙන් ගිහින් ඇමැති තනතුරු ගත්ත අයයි....
සිවිල් ගුවන් සේවා, ආපදා කළමනාකරණ, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු, තාක්ෂණ හා පර්යේෂණ, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ, ඵලදායිතා ප්‍රවර්ධන, කම්කරු හා කම්කරු සබඳතා, වැවිලි කර්මාන්ත, ඉඩම් හා ඉඩම් සංවර්ධන, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති, සුළු අපනයන භෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ යන අමාත්‍යාංශයන්හි වැය ශිර්ෂ ඊයේ විවාදයට ගැනුණි.
කථානායකවරයා ඉහත ප්‍රකාශය කිරිමෙන් පසුව විෂයභාර ඇමතිවරු කිහිප දෙනෙක් සභාවට පැමිනෙණු දක්නට ලැබුණි.
ලසන්ත වීරකුලසූරිය, රමේෂ් වරල්ලෙගම
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment