Photobucket

Thursday, December 6, 2012

දිනකට නීති විරෝධී ගබ්සා 1000ක්

ශ්‍රී ලංකාව තුළ දිනකට නීතිවිරෝධි ගබ්සා 1000ක් පමණ සිදුවන බව අනුමාන කළද එම සංඛ්‍යාව ඊට වැඩි අගයක් ගන්නා බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මංගල දිසානායක මහතා සඳහන් කළේය. දිනකට මෙරට දරුවන් හතර දෙනෙකු උපදින විට නීතිවිරෝධි ගබ්සා 3ක් සිදුවන බව විශේෂඥවරයා පෙන්වා දේ. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (05) ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පැවැති වැඩමුළුවකදීය.
 
සුදුසුකම් නොමැති පුද්ගලයන් විසින් ගබ්සා කිරීම හේතුවෙන් මව්වරුන් විශාල පිරිසක් මියයෑම බරපතළ තත්ත්වයක් බවද හෙතෙම පෙන්වා දේ.

වසර 2010දී වාර්තාවලට අනුව අධික රුධිර වහනය හේතුවෙන් මව්වරුන් 140ක් මියගිය අතර ඉන් 27 දෙනෙකුම නීතිවිරෝධි ගබ්සා හේතුවෙන් මියගිය අය බව හෙළිව ඇතැයි මෙහිදී අවධාරණය කළේය. නීතිවිරෝධි ගබ්සාවන්ට යොමුවන මව්වරුන්ගෙන් සියයට 90ක්ම විවාහක කාන්තාවන් බව හෙළිව ඇත.
ඔවුන් බොහෝ විට තම තුන්වන දරුවා අනවශ්‍ය ගැබ් ගැනීමක් ලෙස සලකා මෙම නීතිවිරෝධි ගබ්සාවන්ට යොමුවන බවද වාර්තා වී ඇතැයි මෙම වැඩමුළුවේදී පැහැදිලි කළේය.

මෙම වැඩමුළුව සඳහා මහාචාර්ය අතුල කළුආරච්චි ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ ලක්ෂ්මන් සේනානායක ඇතුළු විද්වත් පිරිසක් සහභාගි වූහ.
 
ශ්‍රියානි විජේසිංහ 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all