දින 07 ක බිලිඳෙකු රුපියල් 5000 කට විකිණීමේ සිද්ධියක්
සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට
ගෙන මොරවක වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ අජිත් අබේසේකර මහතා
වෙත ඉදිරිපත් කළ සැකකාරියන් සිව් දෙනෙකු රුපියල් 50,000
බැගින් ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කරන ලදී.
නොවැම්බර් 13 වැනිදා කඹුරුපිටිය රජයේ රෝහලේදී මෙම බිලි¹ බිහි කළ මව විසින් දරුවන් නොමැති කාන්තාවකට බිලිඳා රුපියල් 5000/- කට විකුණා ඇති බව හෙළි වී ඇත.
පසුව අධිකරණය මගින් මෙම දරුවා මවට භාර දෙන ලෙසට නියෝග කර ඇති අතර මේ පිළිබඳව වැඩිදුර විභාගය ජනවාරි 22 දිනට කල් තබන ලදී.
ඌරුබොක්ක පොලිසියේ ස්ථානාධිපති ඒ. එච්. ඒ. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත කා. පො. ප. ඒ ඉෂාරා උ. පො. ප. විජිතනන්ද යන මහත්ම මහත්මීහු පරීක්ෂණ පැවැත්වූහ.
මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කු
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment