Photobucket

Saturday, December 15, 2012

තනපටයේ සඟවාගෙන කුඩු ගෙනගිය කත දැලේ

මාතර නාදුගල පොම්පාගාරය අසල දී හෙරොයින් ග්‍රෑම් 8, මිලිග්‍රෑම් 20ක් සමඟ ත්‍රිවිලර් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු මාතර කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර තුඩාව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවකි. ඇයගේ තනපට අතර තිබිය දී හෙරොයින් සොයාගෙන ඇත. දෙහිවල ප්‍රදේශයේ පදිංචි 28, 18 යන වයස්වල ත්‍රිවිලර් රථ රියදුරන් දෙදෙනකු මේ සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකුගේ යට ඇඳුමේ රහස් ප්‍රදේශයේ සහ අනික් අයගේ සාක්කුවේ තිබී හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පෙර වැරදි කිහිපයක් සම්බන්ධව ඇපපිට සිටින අයෙක් බව හෙළිවේ. මෙම පුද්ගලයින් හක්මණ, කඹුරුපිටිය, නාගල්ල, බෙලිඅත්ත, මාතර කතරගම, දක්වා හෙරොයින් බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරුවන් බව හෙළිවී ඇත. 

මොවුන් පසුගිය දින (14) මාතර තුඩාවේ සිටින කුඩු ජාවාරමේ යෙදෙන කාන්තාවට කුඩු ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ මාතර නාදුගල පොම්පාගාරය අසල දී පොලිසියට කොටුවිය. සැකකරුවන් (14) දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all