Photobucket

Saturday, December 15, 2012

වෝනර්-හියුස් සහ ක්ලාක් අර්ධ ශතක වාර්තා කරති

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (14දා) හෝබාර්ට් හිදී ඇරැඹි වෝන්-මුරලිදරන් කුසලාන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව දිනය අවසන් වන විට කඩුලු 4ට ලකුණු 299ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර, එඩ් කවන් ලකුණු 4කට දැවී ගියද, සෙසු පිතිකරුවෝ විශිෂ්ට පිතිහරඹයක නිරත වූහ. මේ අතුරින් ඩේවිඩ් වෝනර්, පිලිප් හියුස්, සහ මයිකල් ක්ලාක් අර්ධ ශතක වාර්තා කරමින් ඉනිම ගොඩනැංවීමට සමත් වූහ.

දිනයේ පළමු කඩුල්ල ලෙස එඩ් කවන් ලකුණු 4කට දවා ගැනීමට චානක වෙලගෙදර සමත් වීමෙන් පසු ඩේවිඩ් වෝනර්ට පිලිප් හියුස් එක් විය.

වෝනර් සහ හියුස් එක්ව සාර්ථක පිතිහරඹයක නිරත වූ අතර, දිවා ආහාරයට එක් පන්දුවාරයක් ඉතිරිව තිබියදී වෝනර් දුවද්දී දවා ගැනීමට හසුකර ගැනීමට මැතිව්ස් සමත් විය.

පන්දු 89කදී හතරේ පහර 8ක් සහිතව ලකුණු 57ක් ලැබූ වෝනර් දැවී යන විට තෙවැනි කඩුල්‍ලේ සම්බන්ධතාවය ලකුණු 79ක් විය. ඉන් පසු හියුස්ට වොට්සන් එක් වූ අතර, යළිත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවයක් වාර්තා විය. මුළු ලකුණු සංඛ්‍යාව 183ක්ව තිබියදී මහේල ජයවර්ධනගේ විශිෂ්ට උඩපන්දු රැකීම හේතුවෙන් වොට්සන් ලකුණු 30කට දවා ගනිමින් චානක වෙලගෙදර සිය දෙවැනි කඩුල්ල ලබා ගත්තේය.

ඉන් ස්වල්ප වේලාවකට පසු සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 166කදී 4 පහර 8ක් සහ එක් 6 පහරක් සහිතව ලකුණු 86ක් ලැබූ පිලිප් හියුස් පිටියෙන් ඉවත් කිරීමට වෙලගෙදර සමත් විය.

ඉන්පසු පිටියේ එක්වූ නායක මයිකල් ක්ලාක් සහ මයිකල් හසී 5වන කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 101ක සම්බන්ධතාවයක් තබමින් දිනය අවසන් වනතුරු කඩුල්‍ලේ රැඳී සිටීමට සමත් වූහ. පන්දු 136කදී හතරේ පහර 7ක් සහිතව නොදැවී ලකුණු 70ක් ලබා ගැනීමට ක්ලාක් සමත් වූ අතර, පන්දු 81කදී එක් 4 පහරක් සහිතව නොදැවී ලකුණු 37ක් ලබාගැනීමට මයිකල් හසී සමත් විය.

පන්දුවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත් චානක වෙලගෙදර ලකුණු 99ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ශ්‍රී ලංකාවේ එංක 1 පන්දු යවන්නා වන රංගන හේරත්ට කිසිදු කඩුල්ලක් හිමි නොවීය.

අද තරගයේ දෙවැනි දිනයයි.
ලකුණු පුවරුව
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම
ඩේවිඩ් වෝනර් දු.දැ.ගි. (මැතිව්ස්/ඩිල්ෂාන්)           57
එඩ් කවන් ඇ. එරංග ප. වෙලගෙදර                         4
පිලිප් හියුස් ප. වෙලගෙදර                                    86
ෂේන් වොට්සන් ඇ. මහේල ප. වෙලගෙදර            30
මයිකල් ක්ලාක් (නොදැවී)                                    70
මයිකල් හසී (නොදැවී)                                         37
අතිරේක                                                             15
මුළු ලකුණු (පන්දුවාර 90කදී කඩුලු 4ක් දැවී)      299
කඩුලු බිඳ වැටීම :- 1-18, 2-97, 3-183, 4-198

පන්දු යැවීම :- නුවන් කුලසේකර 22-2-51-0, චානක වෙලගෙදර 20-1-99-3, ෂමින්ද එරංග 16-3-52-0, ඇන්ජලෝ මැතිව්ස් 11-2-35-0, ටී.එම්. ඩිල්ෂාන් 4-0-11-0, රංගන හේරත් 17-3-47-0
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all