Photobucket

Saturday, December 15, 2012

පරිගණක සාක්‍ෂරතාව 27%කින් ඉහළට

2005 නොවැම්බර් 18 වන විට 5%ක් වූ මෙරට පරිගණක සාක්‍ෂරතාව මේ වනවිට 32.2% දක්වා ඉහළ ගොස් ඇති අතර එය 27%ක වර්ධනයකි.

එදින වනවිට 93%ක් වූ සාමාන්‍ය සාක්‍ෂරතාව ද වර්ධනයක් පෙන්නුම් කරන අතර එය මේවනවිට 94.2% කි. 2014 වනවිට පරිගණක සාක්‍ෂරතාව 75% දක්වා ගෙනයාම රජයේ ඉලක්කය වී තිබේ.

මේ හේතූන් නිසා මෙරට විරැකියාව තනි ඉලක්කමක් දක්වා පහත බසිමින් එය 4.8% බවට පත්කර ඇත. 

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූදා සිට ගෙනගිය අරමුණුගත සංවර්ධන වැඩසටහන් හේතුවෙන් මේ කඩිනම් දියුණුව කරා ළඟාවී ඇති අතර, යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ කරුණු හෙළිදරව් කළේ 9දා “Yes මාතර” වෙබ්අඩවිය ආරම්භ කරමින් මාතර මහනගර සභා පරිශ්‍රයේ පැවැති උත්සවයේ දීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all