Photobucket

Monday, December 10, 2012

පැරැණි වී වර්ග වගා කිරීමේ වැඩසටහනක්

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ බුරුල්ලපිටිය වැනි වෙල්යායවල්වල අභාවයට යමින් පවතින දේශීය පැරණි වී වර්ග වගාකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

මේ වැඩසටහන මිනුවන්ගොඩ දේශීය කෘෂි සම්පත් සුරැකීමේ සංවිධානය මඟින් සංවිධාන කර තිබේ. මේ සංවිධානයේ සභාපති ඩබ්ලිව්. ඩී. විමලදාස මහතා මෙසේ කීවේය.

පාක්කාලියන්, පච්චපෙරුමාල්, වෙදහීනටි, රන්දැල්ල, සුවඳැල්, කළුහීනටි ඇතුළු වී වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හඳුන්වා දීමටත්, ඒවා ප්‍රචලිත කර වගාවන්ට ගොවි ජනතාව දිරි ගැන්වීමටත් කටයුතු කරනවා. මේ වී වර්ගවල සුවිශේෂීත්වය වනුයේ ශරීරයේ දියවැඩියාව, අර්ශස් වැනි රෝගවලට ඖෂධයක් වීමත්, රසායනික පොහොර භාවිතා නොකිරීම නිසා ශරීරයට පෝෂ්‍යදායික වීමත්ය. ජලය හිඟ වුවද විනාශ නොවීමත්, පළිිබෝධ නාශකයන්ගේ බලපෑම අඩුවීමත් මේ පැරැණි වී ප්‍රභේද ගොවීහු අතර ජනප්‍රිය වීමට හේතු සාධක වී තිබෙනවා. මෙලෙස පැරැණි වී ප්‍රභේද නැවත මිනිසුන් අතරට යැවීමට හැකියාව ලැබීම, ගොවි ජනතාව ලබාගත් ජයග්‍රහණයක්. ඉදිරියේ දී තවත් මේ පැරැණි වී ප්‍රභේද වගාවේ අභිවෘද්ධියට කටයුතු කරනවා.

දිවුලපිටිය සමූහ – අයිවන් නිශ්ශංක
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all