මිල්ලනියේ, දාමින්ගමුව සුනාමි ගම්මානයේ ටී. බී. එල්. පාතිමා මහත්මියගේ නිවෙස
ආසන්නයේ ඇති වසර 500ක් පමණ පැරැණි දිරාපත් නා වෘක්‍ෂය අනතුරුදායක බව
ගම්වැසියෝ පවසති.
අඩි 50ක් පමණ උස වට අඩි 05ක් පමණ වන මෙම වෘක්‍ෂයේ මුල කොටස පැත්තක් දිරාපත්ව කොටස්
ඉවත්ව ඇති අතර පසුගිය වැසි සහිත දිනවල දී අත්තක් වහල මතට කඩා වැටී ෂීට් දෙකක්
බිදී ගිය බව පාතිමා මහත්මිය පවසයි.
මේ නා ගහ හුගක් දිරාපත් වෙලා. ගෙට ආසන්නයෙමයි තියෙන්නෙත්. අවු. 500 ක් විතර
පරණ නාගහ කියල දේවාලෙන් කපන්න දෙන්නෙ නෑ. අල්ලපු වැටේ තියෙල දේවාල ඉඩමෙත් නා ගස්
හුගක් තියෙනව. පහුගිය දවස්වල වැස්සට අත්තක් කඩා වැටිල අපේ වහලෙ ෂීට් දෙකකුත්
බිඳිල ගියා.
අපි පොලිසියෙ පැමිණිලි කළා. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙනුත්
ඇවිත් බලල ගියා. එච්චරයි. කවුරුවත් ඉවත් කෙළෙත් නෑ අපට කපන්න දෙන්නෙත් නෑ.
මහත්තයයි මමයි පොඩි ළමයි දෙන්නයි මේකට යටවෙලා යනකං වෙන්න ඇති බලා ඉන්නෙ.
හුළඟ එනකොට රෑට අපි නැගිටල ඉන්නව. මහ හුළඟට ළඟ ගෙදරකයි රෑ එළිවෙනකම්
හිටියෙ. හැමදාමත් මෙහෙම කරන්න පුළුවන් ද?
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ
0 comments:
Post a Comment