Photobucket

Thursday, December 6, 2012

දකුණු පිලිපීනය හරහා හමා ගිය බෝපා චණ්ඩ මාරුතයෙන් 97ක් මිය යති

සහන සේවාවලටත් බාධා
දකුණු පිලිපීනය හරහා හමාගිය ටයිෆූන් වර්ගයේ ප්‍රබල චණ්ඩමාරුතයෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ වන විට 97 දක්වා ඉහළ ගොස් තිබිණි.

 ජලගැලීම හා නාය යාම් නිසා ප්‍රවේශ වීමට අපහසු ප්‍රදේශවලට ඇතුළුවීමට ගැලවුම් කණ්ඩායම් දැඩි සටනක නියැළි සිටින බව වාර්තා වේ.

මින්ඩනාඕ දූපතට පෙරේදා කඩා වැදුණු බෝපා චණ්ඩමාරුතයෙන් ගස්වැල් ඉදිරී නිවාස පවා ගසා ගෙන ගොස් ඇති අතර එදින සවස් වනවිට එහි ප්‍රබලත්වය වියැකී ඇත්තේ එය දකුණු චීන මුහුද දෙසට යොමුවීමත් සමගය.

කෙසේවෙතත් ඊයේ උදේ එම චණ්ඩමාරුතය බටහිර පලවාන් දූපත පසුකර යාමේදි තවතවත් වැසි ඇතිවේයැයි අපේක්ෂා කර තිබුනෙන් තවදුරටත් විනාශයන් සිදුවේයැයිද සැලකී තිබිණ.

චණ්ඩමාරුතයේ බලපෑමට ගොදුරුවූ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක යෙදුනු අභ්‍යන්තර කටයුතු ඇමති මා රොක්සස් විසින් ඇතිව තිබෙන මරණ සංඛ්‍යාව 82ක් බව තහවුරු කර ඇති අතර තවත් 21 දෙනකු අතුරුදන්වඇතැයි පවසා තිබේ. 

නිව්බතාන් කඳුකර නගරයේ ඇතිවු නාය යාම් වලින් පමක් 49 දෙනකු මියගොස් ඇති අතර මින්ඩනාඕ දූපතේ විවිධ ප්‍රදේශවල ඇතිව තිබෙන මරණ සංඛ්‍යාව 33 කි. බතාන් හි මිය ගියවුන් අතරසිටින සෙබ­‍ෙළකු චණ්ඩමාරුතය අපේක්ෂාවෙන් ජනතා වට සහාය වීම සඳහා එහි යවන ලද්දෙකු බව පැවසී තිබේ.

අවට කඳුවලින් ගලා එන ජලධාරා බතාන් ප්‍රදේශය හරහා අධික වේගයෙන් ගලා බැස්ම නිසා ඊට අසුවන හැම දෙයක්ම ගසා ගෙන යන අතර හෙලිකොප්ටර් යානා යොදාගෙන ගැලවුම් හා සහන කටයුතු සිදුකරන බව ප්‍රකාශිතය.

මේ අතර මින්ඩනාඕ දූපතේ බොහෝ‍ කොටස්වල විදුලිය හා සන්නි‍වේදන‍ය වියුක්ත වී ඇතිවා පමණක් නොවනේවාසිකයන්ට‍ ආහාර පාන පවා නැති බව වාර්තාවී තිබේ.

 මැනිලා- ඒ එ‍‍ෆ් පි
 දිනමිණ ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all