බැංකු සහ සෙසු ආයතනවලින් ගෙන්වා
ගත්
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අයත් බැංකු ගිණුම් සහ වත්කම් බැරකම් පිළිබඳ ප්‍රකාශවලට අදාළ ලියෑවිලි සියල්ල අදාළ ආයතනවලින් ගෙන්වාගෙන ඇති අතර එම ලේඛනවල පිටපත් දොaෂාභියෝගය විභාග කිරීමේ විශේෂ කාරක සභා සාමාජිකයන්ට ඊයේ (05 දා) ලබා දී තිබේ.
විශේෂ කාරක සභාවේ උපදෙස් මත පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් බැංකු සහ සෙසු ආයතන මගින් මෙම ගිණුම් වාර්තා ඇතුළු ලිපි ලේඛන ගෙන්වා ගෙන ඇති අතර ඊයේ අගවිනිසුරුවරියට එරෙහි දොaෂාභියෝග චෝදනා විභාග කිරීමේ විශේෂ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී එහි සාමාජිකයන්ට එම ලේඛන පිටපත් ලබාදී ඇත.
මෙම විශේෂ කාරක සභාවේ ක්‍රියාවලිය සාධාරණ ලෙස සිදු නොවන බව
පෙනී යන්නේ නම් කාරක සභාවේ කටයුතුවලින් එක්සත් ජාතික
පක්ෂය ඉවත්වන බව එම නියෝජිතයන් කාරක සභාවට ඊයේ දැනුම් දී
ඇත. එසේ වුවොත් තමන්ද විශේෂ කාරක සභාවෙන් ඉවත්ව යන බව
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ සහ ද්‍රවිඩ ජාතික
සන්ධානයේ නියෝජිතයන් දෙදෙනාද දැනුම් දී තිබේ.
මෙම විශේෂ කාරක සභාව අද (06 දා) පස්වරුවේ රැස්වන අතර අගවිනිසුරුවරිය ඊට සහභාගී වන්නීය. එහිදී අගවිනිසුරුවරියගේ පාර්ශ්වයටද ඉහත ලිපි ලේඛන පිටපත් ලබා දෙනු ඇතැයි වාර්තා වේ.
දොaෂාභියෝගය සම්බන්ධයෙන් වන විශේෂ කාරක සභාවට ඉදිරිපත්වන ලිපි ලේඛන සුරක්ෂිතව තබා ගැනීම සඳහාත්, කමිටු සාමාජිකයන්ට අවශ්‍ය අවස්ථාවලදී එම ලේඛනවල පිටපත් ලබා ගැනීමට හැකිවන පරිදිත් විශේෂ ලේකම් කාර්යාලයක්ද පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ ආරම්භ කර තිබේ.
විශේෂ කාරක සභාව ඊයේ පැය දෙකක පමණ කාලයක් රැස්ව සාකච්ඡා කර ඇත.
ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් අතිරේක විස්තර ලබාදීම සඳහා සති පහක කාලයක් ලබා දෙන්නැයි අගවිනිසුරුවරියගේ පාර්ශ්වයෙන් කර ඇති ඉල්ලීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතී.
මෙම කාරක සභාවේ මාසයක කාලය ලබන 14 දායින් අවසන් වීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ නිවාඩු කාලය තුළදී කාරක සභාව රැස් නොවන ලෙසට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම ලබා දෙන්නේ නම් විශේෂ කාරක සභාවේ කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් කමිටු සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් හෙට (07 දා) හෝ අනිද්දා (08 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment