අනවසර වෙළෙඳ සල ඉවත් කළැයි
"මට ජීවත්වෙන්න විදියක් නෑ. මට දරුවන් නව දෙනෙක් ඉන්නවා.
මම මැරෙනවා" කියමින් කාන්තාවක් ගාල්ල නගරයේ සමනල පාලම අසල
කහ ඉරෙහි පෙරේදා (4 දා) රාත්‍රි වැතිර ගත්තාය. මෙම කාන්තාව
මහ පාරේ කහ ඉර මත වැතිර සිටීම නිසා ගාල්ල තරගයේ අධික මාර්ග
තදබදයක් ඇති විය. ගාල්ල මූලස්‌ථාන පොලිසිය පැමිණ ඇය
අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගිsයේය.
ගාල්ල අම්බලන්වත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මේ
කාන්තාව නගරයේ කජු වෙළෙ¹ම් කර ජීවත් වූවාය. තමාට ගාල්ල නගර
සභාවෙන් තම ව්‍යාපාරික ස්‌ථානය ඉවත් කර ගන්නා ලෙස නියෝග කර
ඇති බව ඇය පවසයි. කජු වෙළෙ¹මෙන් දිනකට රු. අටසියයක
ආදායමක් ලැබෙන බව මේ කාන්තාව පවසයි.
තමාට පියා නොමැති දරුවන් නව දෙනකු සමග මියයන්නට නොහැකි නිසා තනියම මිය යන්නට පැමිණි බව ඇය කියන්නීය. තමාට සිදුවී ඇති අසාධාරණය මැති ඇමැතිවරුන්ට හා ජනාධිපතිවරයාටද ලියා ඇති බවත් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයාටද කියූ බවත් තමාට සිය ව්‍යාපාරය බදු මුදල් හෝ ගෙවා කරගෙන යැමට අවස්‌ථාව ලබාදෙන මෙන් ඉල්ලා සිටි බවත් නමුත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඇය කියන්නීය.
ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසන්නේ නීතිගරුක ව්‍යාපාරික අංශයක් ඇති කිරීමට හා නගරය සුන්දරව පවත්වාගෙන යැම සඳහා නගරයේ අනවසර කටයුතු ඉවත් කරන බවයි. අනවසර වෙළෙඳ ස්‌ථාන ඉවත් කර ගාල්ලේ ජනතාවට ජීවත් විය හැකි නිදහස් පරිසරයක් හදන බවද නගරාධිපතිවරයා කියා සිටී.
මගේ තාත්තා අනවසර වෙළෙඳ සලක් පවත්වාගෙන ගියත් මම ඉවත් කරනවා. පළිගැනීමක් නොවෙයි. ජනතාවට සහනයක්. ජනතා අපේක්‍ෂා ඉටු කිරීමක්. මම මේ කාන්තාවට අනවසර කඩයක් හදාගෙන ජීවත් වෙන්න දුන්නාම තවත් අයෙක් එනවා. ඒ නිසා මම නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. කාන්තාවට මහමග නිදියන්න කහ ඉරේ නිදියන්න අයිතියක් තියෙනවා. ගාල්ල නගරයේ කිසිදු අනවසර කටයුත්තකට ඉඩ දෙන්නේ නෑ. නීතිය හා අනුකම්පාව දෙකක් යෑයිද හෙතෙම වැඩිදුරටත් කීය.

බෝගහගොඩ -
ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්
ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment