Photobucket

Thursday, December 6, 2012

ඇමරිකානුවන් පිරිවරා ලොස් ඇන්ජලීස් නුවර බොදු කටයුතු රැසක්

”යො ධම්මං පස්සති සො මං පස්සති” එය බුදු වදනකි. යමෙක් ධර්මය දකින්නේ නම් ඔහු බුදුන් දකී යනු එහි සරල අදහසයි. යමෙකුට ධර්මය දැකිය හැක්කේ දේශනා මාර්ගයෙන් හා කියවීමේ මාර්ගයෙනි. ශ‍්‍රී ලංකාද්වීපය තුළ ධර්මය දැකීම සඳහා විවිධ මාධ්‍යය තිබුණ ද බටහිර රටවල බුද්ධ වචනය දැකීමට ඇති අවස්ථා ඉතා විරළය. වර්තමානයේ දී බුදුදහම, සංස්කෘතිය හා තදින් මුසුව ව්‍යාප්ත වන නිසා ධර්මයේ ඇති ගැඹුර හා හරය උරගා බලන්නට අපට අවස්ථාවක් නැත. භික්‍ෂූන් වහන්සේලාට ද බෞද්ධයාගේ එදිනෙදා ජීවන චක‍්‍රය හා බද්ධව ආගමික හා සංස්කෘතික කටයුතු වලට හිරවීමට සිදුව ඇත. දායකයා ද ”බුදුදහම වනාහි එයයි” යන පදනමට වැටී ඇත. මෙය ශ‍්‍රී ලාංකික බෞද්ධයාට පමණක් සීමාවූවක් නොවේ. දානය, පාංශකූලය, පිරිත හා වෙනත් ආගමික කටයුතු පමණක් බුදුදහම ලෙස අර්ථ දක්වන්නට තායිලන්ත, බුරුම, කාම්බෝජ, වියට්නාම ආදී සියලූ රටවල බෞද්ධයන් පුරුදුව ඇත. 
එහෙත් ලොස් ඇන්ජලීස් නුවර ධර්ම විජය බෞද්ධ විහාරස්ථානය එකී කුදුමහත් කටයුතු සිදුකරන අතරම ඉන් ඔබ්බට ධර්ම විජය කරන්නට සැමදා වෙර දැරීය. එහි පුරෝගාමී නායකයා විහාරාධිපති ආචාර්ය වල්පොල පියනන්ද නා හිමියන්ය. උන්වහන්සේ දායකයන්ට බුදුදහමේ හරය උකහා දක්වන විවිධ වැඩසටහන් ආරම්භකර ඇත. එහි දී ප‍්‍රමුඛස්ථානයක් ගන්නේ සතියකට වරක් ධර්ම විජය විහාරස්ථානයේ  පවත්වන සූත‍්‍ර දේශනාවයි. එහිදී සිදු කෙරෙන්නේ පිළිවෙලින් බුද්ධ දේශනාවේ ඇති හරය ගැඹුර උකහා දැක්වීමයි. ඒ සඳහා ශ‍්‍රාවකයින් විශාල පිරිසක් සහභාගී වන අතර ඇමරිකන් ජාතිකයින් වැඩිවශයෙන් සහභාගි වීමද විශේෂත්වයකි. එම වැඩසටහන ඉහත ධර්ම කරුණ සපථ කරවන  සුවිශේෂි වැඩසටහනකි.
පසුගිය 21 වන ඉරිදා දිනය ධර්ම විජය විහාරස්ථානයේ ඉතා වැදගත් ධර්ම දේශනයක් සංවිධානය කර තිබිණ. ඒ සඳහා ආරාධනා ලැබ තිබුණේ උපතින් යුදෙවි ආගමිකයෙකු වූ ථෙරවාදී සම්ප‍්‍රදාය අනුගමනය කරන ලෝකප‍්‍රසිද්ධ ඇමරිකන්ජාතික භික්‍ඛු බෝධි හිමියන්ය. උන්වහන්සේ මජ්ක්‍ධිම නිකාය ඇතුළු ත‍්‍රිපිටකයේ පොත් ගණනාවක් ම ඉංග‍්‍රීසි බසට පරිවර්තනය කළ ලොව අග‍්‍රගන්‍ය භික්‍ෂුවකි. එබැවින් ම උන්වහන්සේගේ ධර්මඥානය ද පිවිතුරු වූවකි. එම දේශනය ශ‍්‍රවනය කරන්නට ලොස් ඇන්ජලීස් අවට වෙසෙන භික්‍ෂු භික්‍ෂුණී පිරිසක් මෙන් ම විශාල ශ‍්‍රාවක පිරිසක් ධර්ම විජය විහාරස්ථානයට එක් රොක් විය. භික්‍ඛු බෝධි හිමියන්ට ගරු කරන, උන්වහන්සේ අගය කරන, උන්වහන්සේගේ පොත පත පරිශීලනය කරන ශ‍්‍රී ලාංකික, ඇමරිකන් හා වෙනත් ජාතිකයින් විශාල පිරිසක් ඒ අතර විය. පැය දෙක හමාරකට අධික කාලයක්  පුරා පැවති එම දේශනය ද ඉහත බුද්ධ වචනය සපථ කරවන්නකි. 
ඊට පසු දින එනම් 22 වන සඳුදා, භික්‍ඛු බෝධි හිමියන්ගේ සහභාගිත්වයෙන් තවත් වැදගත් කටයුත්තක් ධර්ම විජය විහාරානුබද්ධව සිදුවිය. එනම් භික්‍ෂුණී උපසම්පදාවකි. විවිධ අය විවිධ මත පළ කළ ද එදා මෙදා තුර ශ‍්‍රී සද්ධර්මය රැුකුනෙත් තවත් බොහෝ කාලයක් ශ‍්‍රී සද්ධර්මය රැුකෙන්නේත් සිවුවනක් පිරිසේ නොමසුරු දායකත්වයෙන් බව විහාරාධීපති ආචාර්ය වල්පොල පියනන්ද නායක හිමියන්ගේ අදහසයි. එහෙයින් කලින් කලට ධර්ම විජය විහාරයානුබද්ධව භික්‍ෂුණී උපසම්පදාවන් සිදුකරනු ලබයි. මෙවර උපසම්පදා කළ භික්‍ෂුණීන් අතර ශ‍්‍රී ලාංකික භික්‍ෂුණියක්, ඇමරිකන් ජාතික භික්‍ෂුණීන් තෙනමක් වශයෙන් භික්‍ෂුණීන් හතර නමක් උපසම්පදාව ලදහ.
රාජකීය පණ්ඩිත වැයිහේනේ පඤ්ඤාලොක නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් භික්‍ඛු බෝධි හිමියන්ගේ සහභාගිත්වයෙන් සිදුකළ මෙම භික්‍ෂූණී උපසම්පදාව බොහෝ පිරිසකට සම්බුද්ධ දේශනාව දකින්නට ඉවහල් වනු ඇත. එමෙන් ම චිරාත් කාලයක් බුදු දහමේ සුරක්‍ෂිත භාවට ද හේතු වනු ඇත. 
 එමෙන් ම භික්‍ඛු බෝධි හිමියන් ආචාර්ය වල්පොල පියනන්ද හිමියන් හා එක්ව සිදුකරන ලද සාම පා ගමන ද ඉතා සුවිශේෂී වූවකි. එහි අපේක්‍ෂාව වූයේ ලෝකයේ ආහාර නොමැති දරුවන්ට උදව් උපකාර කිරීම හා ඒ පිළිබඳව ජනයා දැනුවත් කිරීමත් ය. එම වැඩසටහනට ද විශාල පිරිසක් එක්රොක් වී සිටියහ. මෙම වැඩසටහන පියනන්ද හිමියන් විසින් සිදුකරන ජාතික මෙහෙවරෙහි එක් පැතිකඩකි.

ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all