රාජ්ය
දැව සංස්ථාවට අයත් බණ්ඩාරවෙල ප්රදේශිකයේ සේවයේ නියුතු සහකාර ප්රාදේශීය
කලමණාකාරවරයෙක් අද උදේ රුපියල් ලක්ෂයක අල්ලසක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ
විමර්ෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගත් බව එහි අධ්යක්ෂ ජෙනරාල් ලක්ෂ්මී
ජයවික්රම මහත්මිය පවසයි.
මේ අතර ඊයේ (04) සවස පොළොන්නරුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි
කාර්යාලයේ විමර්ෂණ නිලධාරියකු රුපියල් 15,000ක අල්ලසක් ගනිද්දී අල්ලස්
කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන්
කළාය.
කාලය ඉකුත් වූ දින සහිත දියලුණු පැකැට්ටු විකිණීම සම්බන්ධයෙන් නඩු
නොපවරා සිටීම සඳහා රුපියල් 15,000ක අල්ලස් ඉල්ලා ඇති බව විමර්ෂණවලදී
අනාවරණය වී ඇත. අදාළ සැකකරුවන් බණ්ඩාරවෙල සහ පොළොන්නරුව මහේස්ත්රාත්
අධිකරණ වෙත පමුණුවීමට නියමිතය.
ප්රවෘත්තිය සහ ජායාරූප - විරාජ් ප්රනාන්දු (බණ්ඩාරවෙල)
0 comments:
Post a Comment