අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට ගන්නා අවස්ථාවේ අදාළ ඇමැතිවරුන් සභාවේ
නොමැතිනම් විවාදය කල්දමා පිටව යෑම වඩා සුදුසු බව කතානායක චමල් රාජපක්ෂ මහතා
පාර්ලිමේන්තුවේ දී ඊයේ (5) ප්‍රකාශ කළේය.
කතානායකවරයා මේ බව පැවසුවේ අයවැය කාරක සභා අවස්ථාවේ, විශේෂ කාරක සභා
අවස්ථාවට යොමු කළ අමාත්‍යාංශ 14ක් පිළිබඳ විවාදයට ගැනුණු අවස්ථාවේ විෂය භාර
ඇමැතිවරු සභාවේ නොසිටි නිසාය.
වැයශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේ විෂය භාර ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු
සභාවේ කියන දේවල් අසා සිටිය යුතු බවද කතානායකවරයා පැවසී ය.
මේ අවස්ථාවේදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විවාදයේ
අදහස් දකවමින් සිටියේය.
ස්වර්ණා විජේකෝන්,
චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment