Photobucket

Friday, December 21, 2012

ලෝක විනාශයට මුවා වී චීන රාජ්‍ය විරෝධයක් ගෙන ගිය ක්‍රිස්තියානි නිකායේ සාමාජිකයෝ අත්අඩංගුවට

ලෝක විනාශය පිළිබඳ දූෂමාණ ආරංචි පතුරුවමින් පාලක කොමියුනිස්ට් පක්ෂයට අභියෝග කෙ‍රෙන ක්‍රියාවන්හි නිරත ක්‍රිස්තියානි නිකායික කණ්ඩායමකට අයත් 800 කට වැඩි පිරිසක් චීන බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රාදේශීය මාධ්‍යයෙහි වාර්තා වී තිබේ.

'සර්වබලධාරී දෙවියෝ' නම් මේ ක්‍රිස්තියානි නිකායික කණ්ඩායම මායානු දින දර්ශනයට අදාල ලෝක විනාශය පිළිබඳව දූෂමාණ ආරංචි පතුරු වන බවටත් සිය අනුගාමිකයන්ගෙන් රතු මකර කොමියුනිස්ට් වාදය විනාශ කර දමන ලෙසට ඉල්ලා සිටින බවටත් චෝදනා ‍ එල්ලවී ඇත.

කෙසේවෙතත් ඉකුත් සතියේ සිට රටපුරා ක්‍රියාත්මක වැටලීම්වලදි මේ වනවිට 800 ක් පමණ අත් අඩංගුවට ගෙන ඇත. 

'සර්වබලධාරි දෙවියෝ' කණ්ඩායම අද සිට තෙදිනක් ලෝකයම අඳුරු වනු ඇතැයිද පාලක කොමියනිස්ට් පක්ෂය සංකේතවත් කරන මහා රතු මකරා විනාශකර දැමිය යුතුව ඇතැයි ද කියා සිටින බව පැවසේ.

තවද කාන්තා ජේසු තුමියක බලපවත්වන නව යුගයක් උදාවී ඇති බවත් සුනාමි , භූමිකම්පා ආදියෙන් ලෝකයම කැළ‍ඹෙනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් කියා ඇත.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all