Photobucket

Friday, December 21, 2012

දරුකමට බිලිදියක් හදාගන්න දී වැඩ වරදී

මට දරුවව හදා ගන්න බැරි හින්දා දරුකමට හදා ගන්නම් කිව්ව අයට මම දරුවා දුන්නා.රෝහලෙන් එළියට අවට පස්සේ දරුවා රැගෙන ගිය බව දින අටක් වයසැති සිගීති බිලිදියගේ මව ඉණියාගල පොලිසියට පැවසිය.
දින අටක් වයසැති බිලිදියක් මුස්ලිම් කාන්තාවක් හට දරුකමට හදා ගැනිම සදහා භාරදුන් බව පවසන මවක් සහ සිගිති දැරිය ලබාදිමට සහය දැක් වු අම්පාර මහ රෝහලේ සේවය කරනු ලබන සෞඛ්‍ය කාර්ය සාහිකාවත් සිගිති දැරිය දරුකමට හදාගැනිම සදහා ලබා ගත් කාන්තාවත් ඉගිණියාගල පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබිමෙන් පසුව අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත (19) ඉදිරිපත් කෙළේය.

නිතිමය වශයෙන් කිසිදු කටයුත්තක් සිගිති දැරිය හුවමාරු කර ගැනීමේදි මෙම අය විසින් ඉටු කර නොමැති බව පවසන ඉගිනියාගල පොලිසිය කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියෙන් ඉගිනියාගල පොලිසියට කළ දැනුම් දිමක් අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සැමියා විසින් තමා මාස ගණනාවකට පෙර හැර යම නිසා තමා හට බිලින්දිය හදා වඩා ගත නොහැකි බැවින් මෙසේ දරුවා දරුකමට හදා ගැනිම සදහා ලබා දුන් බව අම්පාර වඩිනාගල පදිංච් බිළින්දියගේ මව පැවසුවාය.

අක්කරපත්තව ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් විසින් මෙම දින අටක් වයසැති බිලින්දිය දරුකමට හදා ගැනීම සදහා රැගෙන ගොස් තිබේ.

අම්පාර වැඩ බලන මහේස්ත්‍රාත් උපුල් ගාල්ලගේ මහතා මවට සහ සෞඛ්‍ය සේවිකාව ට රුපියල් පනස් දහස බැගින් ශරිර ඇප නියම කළ අතර සිඟිති දැරිය සති දෙකක කාලයක් සදහා පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුවේ අම්පාර කාර්යාලය යටතට බාර කෙළේය. 

නැවත වරක් 2013 ජනවාරි මස 3 දින මෙම කරුණ විභාග කරන බව වැඩබලන මහේස්ත්‍රාත්වරයා කෙළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all