තෙදිනක් පුරා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්
ඊයේ (20 වැනිදා) රාත්‍රි වන විට පවුල් 82,687 ක
(අසූදෙදහස් හයසිය අසූහතක්) පුද්ගලයෝ 3,28,913 (තුන්ලක්‍ෂ
විසිඅටදහස් නවසිය දහතුන්දෙනෙක්) විපතට පත්ව සිටින බව
ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 123 ක ජන ජීවිතය ජල ගැලීම් හා නාය යැම් හේතුවෙන් මුළුමනින්ම අඩාල විය.
මේ වන විට දිවයින පුරා පිහිටි සහන කඳවුරු 169 ක අවතැන් වූ පවුල් 5421 කට අයත් පුද්ගලයෝ 19,341 දෙනෙක් තවදුරටත් තාවකාලිකව නවාතැන්ගෙන සිටිති.
නිවාස 2412 ක් විනාශ වූ අතර එයින් නිවාස 337 ක් මුළුමනින්ම විනාශ වී තිබේ.
මාර්ග, වැව් බොහෝමයක් ද වැස්‌සෙන් හා නාය යැමෙන් කැඩී බිඳී ගොස් තිබිණි.
ඊයේ වන විට හලාවත නගරයට ද වැස්‌සෙන් හානි සිදුවිය.
හලාවත රෝහල ජලයෙන් යටවූ අතර රෝහල් කටයුතු මුළුමනින්ම අඩාල විය. හලාවත නගරය, බංගදෙණිය, ආරච්චිකට්‌ටුව, හලාවත කලපුව ආශ්‍රිත නිවාස රැසක් සහ මුන්නේශ්වරම් කෝවිල භූමිය ද ජලයෙන් යට විය.
ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ ද අධික වර්ෂාව හේතුවෙන් වෙරුගල්, සේරුවිල, තම්පලගම, කින්නියා ඇතුළු ප්‍රදේශ රැසක ජන ජීවිතය අඩාල වී තිබේ.
0 comments:
Post a Comment