Photobucket

Friday, December 7, 2012

වෙද සිසුවාට ගිනි තබා මැරුවාට චුදිතයින්ට සිරදඬුවම්

ඇමරිකාවේ කැලිපෝනියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය සිසුවකු මෙරටට පැමිණි අවස්ථාවේදී එම සිසුවාට පහර දී පෙට‍්‍රල් දමා ගිනි තබා මරණය සිදුකළ චුදිතයින් දෙදෙනෙකුට මහනුවර පළාත් බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා 06 වන දින බරපතල වැඩසහිත වසර දොළහමාරක සිරදඬුවම් නියම කළේය. මෙලෙස බරපතල වැඩ සහිත සිරදඩුවම් නියමවූයේ මාතලේ නාවුල ප‍්‍රදේශයේ පදිංචි රියදුරන් ලෙස සේවය කළ රංගන සුබසිංහ සහ එච්.එම්.ඡුයතිලක නොහොත් නිළෙමී යන දෙදෙනාටය. මෙලෙස මරණයට පත්වූයේ ඇමරිකාවේ කැලිපෝනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවෙකු ලෙස අධ්‍යාපනය හැදෑරූ ඉන්දික ප‍්‍රසන්න පාදෙනිය නැමති විසිහතර හැවිරිදි සිසුවෙකි.

 පසුගිය 2008 වර්ෂයේ අගෝස්තු මස 18 වනදින හෝ ඊට ආසන්න දිනකදි මාතලේනාවුල අනප‍්‍රදේශයේදී මෙමසිසුවාට පහරදි පෙට‍්‍රල් දමා ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චුදිතයින්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර තිබිණි.

මෙම සිසුවාට පහරදී ඔහුට පැට‍්‍රල් දමා ගිනි තැබීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව දින විසිහතරකට පසුව ඔහු රෝහලේදි මියගිය බවඅධිකරණයේදී අනාවරණයවිය.

මෙම නඩු විභාගයේදි චුදිතයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විඡය වික‍්‍රමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙහි පළමුවන චුදිත එච්.එම්.ඡයතිලක නැමැත්තා මියගිය අයගේ ඥාතියෙකු බවයි. මෙම සිද්ධිය වූ දින මෙම චුදිතයින් දෙදෙනා හා දැනට මිය ගොස් සිටින වෛද්‍ය සිසුවා සමග මාතලේ රිවසස්ටන් දක්වා යෑමට සුදානම්ව මත්පැන් බෝතල් දෙකක්ද ගෙන මත්පැන් පානය කරමින් කරන විට අන ප‍්‍රදේශයේදී ආරවුලක් හටගෙන ඇති බවයි. ඉන් අනතුරුව ගුටි බැට හුවමාරුවක් සිදුව තිබෙන බවද විඡය වික‍්‍රමරත්න මහතා කීය. එම ආරවුලට හේතුවී ඇත්තේ මියගොස් සිටින සිසුවා පළමු චුදිතගේ සහෝදරියට අපහාසාත්මකව කතා කිරීමයි. ඉන් අනතුරුව පළමු වන හා දෙවන චුදිතයින් මෙම සිසුවාට පහර දී ඔවුන් ගමන් කළ මෝටර් රථයේ තිබූ පෙට‍්‍රල් වත්කර ගිනි තබා ඒ අසළ පල්ලමකට ඔහු පෙරළා ඇති බවද විඡය වික‍්‍රමරත්න මහතා අධිකරණය හමුවේ පැවසිය. සිරුරට ගිනිගත් මෙම සිසුවා පෙරළි ගොස් දිය පහරකට වැටී ඇති අතර එතැනින් නැගිට ගත් සිසුවා ආධාර ඉල්ලා කෑ ගැසීම නිසා අසල්වාසීන් පැමිණ මෙම සිසුවා රෝහල් ගත කර ඇති බවත් රෝහලේ දී දින විසි හතරකට පසුව මෙම සිසුවා මිය ගිය බවත් ඡනාධිපති නීතීඥ විඡය වික‍්‍රමරත්න මහතා අධිකරණයේදි පැවසීය.

මෙම නඩුවේ කුරිරු පැත්තක් තිබුණත් ඒ ගැන විමසිල්ලෙන් බලන විට බලවත් ප‍්‍රකෝපයකට ප‍්‍රතිචාර දැක්වීම නිසා මෙය මිනීමැරුමක් නොව අනියම් මිනීමැරුමක් බවත් අනියම් මැරුමකට චුදිතයින් වරද පිළිගන්නා බවත් ඡනාධිපති නීතීඥ විඡය වික‍්‍රමරත්න මහතා අධිකරණයට දැන්වීය.

ඉන් අනතුරුව රඡයේ අධිනීතීඥ උදාර කරුණාතිලක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම නඩුවේ සිද්ධිමය කරුණු සළකා බලන විට ක්ෂණික වූද බලවත් වූද කෝපයක් මත සිදුවී ඇති බවය.

ගයා වන්නිආරච්චි 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all