Photobucket

Friday, December 7, 2012

බිරිය මැරූ සැමියාට වසර 20ක අත්හිටවූ සිර දඬුවමක්

සැමියා විදේශගත වී පැමිණි දිනයේම සිද්ධිය වෙලා

විදේශ රැකියාවට ගොස් ලංකාවට පැමිණි දිනයේම මෙරට සිටි බිරිය සමඟ ඇතිවූ බහින් බස්වීමකදී බිරියට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය සිර දඬුවම වසර 20කට අත්හිටුවීමට නියෝග කළාය.

 රුපියල් ලක්‍ෂයක දඩයක්ද නියම කළ අතර දඩය නොගෙවන්නේ් නම් වසර දෙකක සිර දඬුවමක්ද නියම වන වගට නියෝග කළාය.

2006 අගෝස්තු 08 හෝ ඊට ආසන්න දිනයකදී විදේශ රටක සිට පැමිණි මේ පුද්ගලයා බිරිය සමඟ ඇතිවූ බහින්බස්වීමකදී මේ ඝාතනය සිදු කර ඇත.

බිරිය ඝාතනය කිරීමේ චෝදනාව මත එම පුද්ගලයාට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුණි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ දම්නිති ද සිල්වා මෙනවිය කරුණු දැක්වූවාය.

විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ චාමර වන්නිසේකර මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ චුදිත පවුලේ වැඩි දියුණුව උදෙසා විදේශ ගතවී සේවය නිම කර මෙරටට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපළේ සිට බිරියට දුරකථන ඇමතුමක් දුන් විට පිළිතුරු දී ඇත්තේ බිරියගේ අනියම් පෙම්වතකු බවයි. 

ප්‍රශ්නය ගැන විමසීමේදි බිරිය කැත්තක් ගෙන සැමියාට කොටන්න සුදානම් වූ අවස්ථාවේ ආත්ම ආරක්ෂාවට සිදු කළ පහරදීමෙන් බිරිය මිය ගිය බව සඳහන් කළේය.

පැමිණිල්ලේ සාක්කිකරුවන් වූයේ චුදිතගේ දුවත් පුතාත් වන අතර ඔවුන්ට රැකවරණය දෙන්නේද චුදිත බව කීය.

පැමිණිල්ලේ හා විත්තියේ දේශනවලට සවන්දුන් මහාධිකරණ විනිසුරුවරිය ඉහත දඬුවම් නියම කළ අතර මින් ඉදිරියට සමාජයේ යහපත්ව ජීවත්වන ලෙසද කිසිම චෝදනාවකට අධිකරණයට පැමිණියහොත් අත්හිටවූ සිර දඬුවම් ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළාය.

ගම්පහ සංචාරක නිමල් ජයසිංහ
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all