- පාස්පෝට් හා හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවල වංචා වැළැක්වීමට බුද්ධි ජාලයක් ඕනෑ
- බොදු බල සේනා සංවිධානය
ආගමන හා
විගමන දෙපාර්තමේන්තුවේත්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේත්
කෙරෙන වංචා දූෂණ වැළැක්වීම සඳහා ඉහළ ගණයේ බුද්ධි ජාලයක් ක්‍රියාත්මක කළ
යුතුව ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ
පැවැසූහ. උන්වහන්සේ එසේ පැවසුවේ විදේශ ගමන් බලපත්‍ර වංචා හෙළි කිරීම
සම්බන්ධයෙන් ඊයේ (06) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩ අත්තේ ඤාණසාර හිමි, ඉතා සූක්ෂම ලෙස
විදේශ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර අන්‍ය ජාතිකයන්ට දීම මගින් මෙරටෙහි
ඉඩම් අත්පත් කර ගැනීමේ අවස්ථාව උදාකිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙනවා. විදේශ
රටක සිට මෙරටට පැමිණි වහාම උප්පැන්න සහතිකය, විදේශ ගමන් බලපත්‍රය, ජාතික
හැඳුනුම්පත ආදී ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කළ හැකි සියලු ලිපි ලේඛන
දීම වෙනවා.
වැඩි වශයෙන් මෙසේ පැමිණෙන පිරිස මුස්ලිම් ජාතිකයන්. මෙම ආයතන වල
සේවය කරන නිලධාරීන් අසාමාන්‍ය ලෙස අල්ලස් ගෙන මැද පෙරදිග රටවලට පාකිස්තාන,
මාලදිවයින් ජාතිකයන්ට මේ ආකාරයෙන් ලිපි ලේඛන සකස් කර දී තිබෙනවා. සහකාර
කොමසාරිස්වරයෙක් ලෙස කටයුතු කරන පුද්ගලයාත් එහි සේවය කරන ලිපිකරුවාත් මෙම
ජාවාරමේ ප්‍රධානීන් දෙදෙනෙක්. මේ ආකාරයට අයථා අයුරින් සකස් කළ ලිපි ලේඛන
50කට අධික ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. එක් පුද්ගලයකුගෙන් ඒ සඳහා ලක්ෂ 10කට
අධික මුදලක් අල්ලස් ගෙන තිබෙනවා. ජනාධිපතිවරයා අය වැය කතාව ඉදිරිපත්
කරමින් විදේශිකයන්ට ඉඩම් අත් පත්කර ගැනීමට ඉඩ නොදෙන බව කීවත්, විදේශිකයන්ට
දේශීය වෙස් ගන්වලා මේ රටේ ඉඩම් ටික අත්පත් කර ගැනීමේ අවස්ථාව උදා කිරීමක්
මේ හරහා වෙනවා. මේ ආයතන වල වන අකටයුතුකම් වලට එරෙහිව කටයුතු කළ නිලධාරීන්
අද ගෙවල්වල. බුදුරජාණන් වහන්සේගේ සමයේ ජේතවනාරාමය අසල නිඝණ්ඨ ආශ්රමයක්
සෑදීමේ අවශ්‍යතාවය ඇතිවූ ෙජෙනයින් රජුට ලොකු අල්ලසක් දී ඒ සඳහා අවස්ථාව
ගන්න උත්සාහ කළත් ආගමික අසමගිය ඇතිවෙයි කියමින් එය නොකරන ලෙස බුදුරජාණන්
වහන්සේ රජුට පැවසුවා.
මහසෙන් රජතුමාගේ කාලයේත් කුමන්ත්‍රණ මගින් මහා විහාරය
ගිනි බත් කළා. අවසානයේ ඇත්ත තේරුම් ගත් රජතුමා නැවත මහා විහාරය ගොඩ නගලා ඒ
කුමන්ත්‍රණ පරාජය කළා. ඉතිහාසය අනුව මේ රටේ වන අකටයුතුකම් දෙස නිහඬව බලා
සිටීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා. රට සංවර්ධනය කිරීමට දුප්පත්කම දුරලීම,
ආධාර වැඩසටහන් ආදී වශයෙන් රට පුරා බිහිවෙන සංවිධාන සිංහල බෞද්ධයාගේ කොඳු
නාරටිය කඩමින්, ආගමික සහජීවනය නැති කර එය ලොවට කියාපෑමේ යෙදී සිටිනවා. තිස්
අවුරුද්දක අවාසනාවන්ත යුද්ධය නිමා කළත් බෙදුම්වාදයේ අඳුරු සෙවණැලි තවමත්
ක්‍රියාත්මකයි. ඕස්ට්‍රේලියාව, ජර්මනිය, නෙදර්ලන්තය වැනි රටවල්
මූලධර්මවාදීන්ගේ යටි අරමුණු තේරුම් ගනිමින් රට පුරා එක නීතියක් ක්‍රියාත්මක
කිරීමට කටයුතු කරමින් සිටිනවා. පාකිස්තානයේ ආයුධ පුහුණුව ලැබූ 400කට අධික
ප්‍රමාණයක් අපේ රටට ඇවිත් තිබෙනවා. මුහුණු වසාගෙන අඳුන ගන්නවත් බැරි
තත්ත්වයක් තිබෙන්නේ. ජනාධිපති විමර්ශන ඒකකයට හා ආරක්ෂක ලේකම් වෙත පැමිණිලි
කර තිබෙනවා මේ ආයතනවල අයථා ක්‍රියාවල් සම්බන්ධව. ම්ලේච්ඡ ත්‍රස්තවාදී
සංවිධානයක් සහමුලින්ම තුරන් කළ ආරක්ෂක ජාලයක් හිමි අපට ඒ බුද්ධි අංශ යොදවා
වංචා දූෂණ විමර්ශනය කළ හැකියි. මේ සම්බන්ධයෙන් ආරක්ෂක ඇමැතිවරයාගේ විශේෂ
අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානී කිරම විමලජෝති හිමි, ගුවන්තොටුපළින් එළියට ආ සැණින් පුරවැසිභාවය ගැනීමට අදාළ ලියකියවිලි ලක්ෂ 5ක් වැනි මුදලකට දෙන බවට පැමිණිලි ලැබුණේ 1990 වසරේ මුල භාගයේදීය. මේ වන විට ක්‍රමවත්ව මුදල් යොදවමින් කරන මේ ජාවාරමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල තොරතුරු ග්‍රාම සේවක සහතික නැතිව ලියකියවිලි ගත හැකියි. අද වන විට මුස්ලිම් ජනගහනයේ වර්ධනයක් වගේම සිංහල ජනගහනය වර්ධනයේ අඩුවක් දක්නට ලැබෙනවා. තව වසර 30ක් ගත වන විට ඉරාකය, ඉරානය ඇතුළු අනෙකුත් බෞද්ධ රටවලට වූ ඉරණම ලංකාවටත් වෙනවා. නගර ගම් ක්‍රමානුකූලව සිංහලයාට අහිමි කරමින් පවතිනවා. ජනාධිපති උපදේශක මණ්ඩලය, ආගමික කටයුතු අමාත්‍යංශය ගැන කනගාටු වෙනවා. ගම්වල ප්‍රශ්න කියන්න අය නැතිව හාමුදුරුවරු බෞද්ධයා ළතැවෙනවා. දෙමළ හින්දු ජනතාව ළතැවෙනවා. නැගෙනහිර පළාතේ සිංහලයකුට බිම් අඟලක් මිලදී ගැනීමට අවස්ථාව නෑ. ව්‍යාපාරයක් අරඹන්න ඉඩක් නෑ. අවිහිංසාවාදී අහිංසක ජාතියක් ලෙස කිසිම බෞද්ධයෙක් තවත් ආගමිකයෙක් බලහත්කාරයෙන් බුද්ධාගමට හරවාගෙන නෑ. අපි බෞද්ධ මූලධර්මවාදීන් හෝ අන්තවාදීන් නොවෙයි. ඒ නිසාම ආණ්ඩුවෙන් දැඩිව ඉල්ලා සිටිනවා ජාති කුල ගෝත්‍ර අනුව නීති සෑදීම වෙනුවට සැමට එකම නීතියක් ස්ථාපිත කරන්නයි කියලා. අළුත්වැව ආනන්ද හිමි ඇතුළු තවත් හිමිවරු කිහිප නමක් එක් වී සිටියහ.
රන්මලී සෝමසිරි
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment